July 1, 2023

පසුගියදා රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේදී ඖෂධයක් අසාත්මික වීමෙන් 23 හැවිරිදි කාන්තාවක් මියයෑමත් සමඟ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එම ඖෂධ තොගය සම්පූර්ණයෙන් භාවිතයෙන් ඉවත් කර තිබේ.

වාර්තා සඳහන් කරන ආකාරයට ආසාදනයක් හේතුවෙන් පසුගිය ජුනි 27වැනි දින රෝහලට ඇතුළත් කළ කාන්තාවට මුඛ මාර්ගයෙන් ප්‍රතිජීවක ඖෂධයක් ලබාදී ඇති අතර, ඇය ඊට ප්‍රතිචාරයක් නොදැක්වූ හෙයින්, එය එන්නතක් ආකාරයෙන් එම නැවත ලබා දී ඇත.

එහිදී කාන්තාව එම ඖෂධයට ආසාත්මිකවී සංකූලතා ඇති වීම හේතුවෙන් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය එස්. ලියනගේ රණවීර අනාවරණය කර ඇති ආකාරයට රෝගියාට දැඩි අසාත්මිකතා ප්‍රතික්‍රියාවක් (ඇනෆිලැක්ටික් ෂෝක්) වර්ධනය වී ඇති අතර, පැය අටකට ආසන්න කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා මියගොස් ඇත.

ඖෂධ හේතුවෙන් රෝගීන්ට සංකූලතා ඇති වන අවස්ථා ඇති බවත්, ඒවා හුදකලා සිදුවීම් බවත් රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

කෙසේ වෙතත්, මෙම තරුණිය මියයෑමත් සමඟ එම ඖෂධයේ සම්පූර්ණ කාණ්ඩයම ඉවත් කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

(Daily Mirror)