
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිලෝන් ස්පිරිට් සංචාරක සංගමයේ නියෝජිතයකුට අනුව, නිසි ප්‍රථමාධාර නොමැතිකම හේතුවෙන් සීගිරි පර්වත බලකොටුවේදී විදේශීය සංචාරකයකු මියගොස් ඇති බව වාර්තා වේ.
පසුගිය වසර දෙක තුන තුළ සංචාරකයන් සහ සංචාරක මාර්ගෝපදේශකයින් ඇතුළු පුද්ගලයන් 06 දෙනකු සීගිරියේ නිසි ප්‍රථමාධාර සේවා නොමැතිකම හේතුවෙන් මියගොස් ඇති බව සංගමයේ ලේකම් එන්.පී. විජේසිංහ පවසයි.
“සීගිරිය ටිකට් පතක මිල රු. 11,000ක්. අයකරන මුදලට අවම ප්‍රථමාධාර පහසුකම් පවා ලබාදිය නොහැකි වීම සැබවින්ම ලැජ්ජාවට කරුණක්. සීගිරියේ ප්‍රථමාධාර පහසුකම් ආරම්භ කිරීමට තවත් මරණ කීයක් අවශ්‍යද?” ඔහු ප්‍රශ්න කරයි.
සමාජ මාධ්‍යවල සටහනක එන්.පී. විජේසිංහ තවදුරටත් මෙසේ සඳහන් කරයි.
“වගකිව යුතු සහ විමර්ශනය කළ යුතු සමහර ඉහළ නිලධාරීන් ෆේස්බුක් හි අදහස් ලිවීමට කාලය ගත කරන අතර අනෙක් අය පුටු උණුසුම් කරමින් සිටින අතර, තනතුරු සඳහා කඩේ ගිය තවත් අය ඒවා ලැබීමෙන් පසු අතුරුදහන් වී ඇත.”
සංචාරක අංශයේ නියැලී සිටින සංචාරක සේවා සපයන්නන් ලෙස, සංචාරක ආකර්ෂණීය ස්ථානවල නිසි ප්‍රථමාධාර පහසුකම් සම්බන්ධ මෙම ඉතා වැදගත් ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ඔහු වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart