Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩුවක් පිරවීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ විධායකය අතර පවතින මතභේදය මධ්‍යයේ ලබන සතියේ තවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු විශ්‍රාම යෑමට නියමිතව තිබේ.
පසුගිය වසරේ නොවැම්බර් 15 වැනිදා විනිසුරු බුවනෙක අලුවිහාරේ විශ්‍රාම යෑමටත් සමග ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩුවක් ඇති වූ අතර විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන ලබන සතියේ විශ්‍රාම යන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ දෙවන පුරප්පාඩුවක් ද ඇති වීමට නියමිතය.
අභියාචනාධිකරණයේ සභාපති බන්දුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කිරීම තහවුරු කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අධිකරණ පද්ධතියේ උසස්වීම් කිහිපයක් ඇණහිට තිබේ.
අගවිනිසුරු ජයන්ත ජයසූරියගේ නිර්දේශය මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් බන්දුල කරුණාරත්න විනිසුරුවරයාගේ නම ශ්‍රේෂ්ඨාධිකරණයට යෝජනා කර තිබිණි.
ප්‍රසන්න ද අල්විස් සහ ප්‍රදීප් කීර්තිසිංහ යන විනිසුරුවරුන් විශ්‍රාම යෑමෙන් පසු අභියාචනාධිකරණයේ පුරප්පාඩු දෙකක් දැනටමත් පවතී.
මැයි මාසයේදී විනිසුරු ඩී.එන් සමරකෝන් සහ ඛේමා ස්වර්ණාධිපති ද සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිතය.
අභියාචනාධිකරණයේ පවතින පුරප්පාඩු දෙක හේතුවෙන් අධිකරණ ශාලා 10න් නවයක් පමණක් දැනට ක්‍රියාත්මක වන අතර එමඟින් විභාග වන නඩු ප්‍රමාණය අඩුවී තිබේ.
මේ අතර අභියාචනාධිකරණයේ පවතින පුරප්පාඩු දෙක සඳහා මහාධිකරණ විනිසුරුවරුන් වන ගිහාන් කුලතුංග, දමිත් තොටවත්ත සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේන් ගොපල්ලව නම් කිරීමට නියමිත අතර එම නම් මෙතෙක් ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කර නැත.
මහාධිකරණවල ද අවම වශයෙන් පුරප්පාඩු 10ක් පවතින බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart