
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඇගයීමකින් තොරව 2022 වසරේ දී ඖෂධ වර්ග 38 ක් ආනයනය කිරීම සඳහා ‘සැවොරයිට්’ නම් පෞද්ගලික සමාගමකට ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ (WoR) සහතික නිකුත් කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (COPE) අනාවරණ විය.
මේ ආකාරයෙන් ඖෂධ ආනයනය කිරීම සඳහා ‘සැවොරයිට්’ නම් මෙම පෞද්ගලික සමාගම තෝරා ගැනීමට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා කමිටුවට දන්වා සිටියේය.
2022, 2023 සහ 2024 වර්ෂ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තා සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ වත්මන් කාර්ය සාධනය පරීක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීරගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පසුගිය බදාදා (26) පාර්ලිමේන්තුවේදී රැස්වූ විට මෙම කරුණු අනාවරණ වූ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඇගයීමකින් තොරව, අනවශ්‍ය යෝජනා හරහා ඉදිරිපත් කරන ලද ඖෂධ වර්ග 38ක් ආනයනය කිරීම සඳහා එම අධිකාරිය විසින් 2022 දෙසැම්බර් 30 වැනි දින ‘සැවොරයිට්’ නම් පෞද්ගලික සමාගමකට ලියාපදිංචිය අත්හැරීමේ සහතික (WoR) නිකුත් කර ඇති බව කමිටු සභාපතිවරයා කමිටුවට දැනුම් දුන්නේය.
ජාතික ඖෂධ නියාමන අධිකාරිය පිහිටුවීමේ අරමුණ එම ඖෂධවල ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව සහතික කිරීම බවත් එය වෛද්‍ය සැපයුම් අංශයට භාර දිය නොහැකි බවත් පවසමින් කමිටු සභාපතිවරයා ජාතික ඖෂධ නියාමන අධිකාරිය සිය වගකීම පැහැරහැර ඇති බව පැවසීය.
පූර්ව අනුමැතියක් සහිත විශේෂ මාර්ගයක් හරහා ඖෂධ ආනයනය කිරීම සිදු කළ බැවින් සහ නිසි ඇගයීමක් සිදු නොකර අධ්‍යක්ෂ මණ්ඩලයට ඒ සඳහා අවසර ලබා දිය නොහැකි බැවින් එම අවසරය ලබා නොදුන් බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් පවසා තිබේ.
එබැවින්, මේ සම්බන්ධයෙන් වගකීම භාර නොගන්නා බව ඔවුහු පැවසූහ.
ඒ අනුව, කමිටුවේදී මෙම කාරණය දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලද අතර, මාස 3ක් සඳහා හිඟයක් ඇති ඖෂධ ආනයනය කිරීම සඳහා ‘සැවොරයිට්’ නම් පෞද්ගලික සමාගමක් තෝරා ගැනීමට හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් දී ඇති බව එහිදී අනාවරණ විය.
මේ අතර, 2022 සැප්තැම්බර් 26 වැනි දින හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශය පිළිබඳව ද කමිටුව දීර්ඝ ලෙස සාකච්ඡා කළේය.
අදාළ කැබිනට් සංදේශය ඉදිරිපත් කළ දින සිට ඉදිරි සති 3 තුළ ඖෂධ විශාල සංඛ්‍යාවක් ශුන්‍ය මට්ටම් කරා ළඟා වෙමි තිබුණේ දැයි කමිටු සභාපතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් විමසීය.
ඖෂධ සම්බන්ධයෙන් පවතින දත්ත සමුදායෙන් ලබාගත් තොරතුරු මත පදනම්ව එම තොරතුරු කැබිනට් සංදේශයට එකතු කර ඇති බව ඊට ප්‍රතිචාර දැක්වූ නිලධාරීහු පැවසූහ.
කෙසේවෙතත්, ඖෂධ විශාල සංඛ්‍යාවක් එකවර ශුන්‍ය මට්ටම් කරා ළඟා වීම පිළිගත නොහැකි බවත්, එවැනි මට්ටමකට ළඟා වන තුරු අදාළ වගකිවයුතු නිලධාරීන් වගකීම් විරහිතව කටයුතු කර ඇති බවත් කමිටු සභාපතිවරයා පැවසීය.
එම අවස්ථාවේදී කතා කළ විගණකාධිපතිවරයා, ඖෂධ ශුන්‍ය මට්ටම් කරා ළඟා වී ඇති බව සඳහන් කරමින් කලින් ඇණවුම් කර ලබා ගත යුතු ඖෂධ ද ආනයනය කර ඇති බව ප්‍රකාශ කළේය.
ඒ අනුව, මෙම කැබිනට් සංදේශය සකස් කිරීමට සම්බන්ධ නිලධාරීන් කවුරුන්ද යන්න පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කමිටුවට ඉදිරිපත් කරන ලෙස කමිටු සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මෙම ඖෂධ ආනයනය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් කාරක සභාව මගින් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, ඒ සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් ගන්නා බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, නලින් බණ්ඩාර ජයමහ, එස්. එම්. මරික්කාර්, චමින්ද විජේසිරි, නීතීඥ නිලන්ති කොට්ටහච්චි, චන්දිම හෙට්ටිආරච්චි, අසිත නිරෝෂණ එගොඩ විතාන, කෝසල නුවන් ජයවීර, සුදත් බලගල්ල, ශ්‍රී බවන්දරරාජා, ප්‍රගීත් මධුරංග සහ සමන්මලී ගුණසිංහ මෙම කමිටු රැස්වීමට එක්ව සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart