51.99%
17.7%
23.19%
August 17, 2024

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් තද වැසි පිළිබඳ නැවතත් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.

අද දින ප.ව. 01.00ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (18) දින ප.ව. 01.00 වනතෙක් වලංගු වන පරිදි නිකුත් කර ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අනුව ශ්‍රී ලංකාව ආසන්න සහළ වායුගෝලයේ පවතිත කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මි.මී. 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

 

51.99%
17.7%
23.19%