
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදේශ රැකියා වල නියුතු ශ්‍රී ලාංකිකයින්ට විදුලි වාහන ආනයනය කිරීමේ බලපත්‍ර නිකුත් කිරීමේදී විශාල අවභාවිතයක් සිදුව ඇති බව රාජ්‍ය ගිණුම් කාරක සභාව අනාවරණයවී තිබේ.
විදේශ රටවල සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් සඳහා විදුලි වාහන ආනයනය කිරීමට බලපත්‍ර ලබාදීම 2022 මැයි 01 සිට 2023 සැප්තැම්බර් 15 දක්වා කාලය තුළ ක්‍රියාත්මක කර ඇති විශේෂ විගණන වාර්තා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත්ගේ ප්‍රධානත්වයෙන් පැවැති කෝපා රැස්වීමේදී මේ බව අනාවරණයවී ඇත.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන ආකාරයට, එම රැස්වීමේදී විගණකාධිපතිවරයා පෙන්වාදී ඇත්තේ, මෙම යෝජනා ක්‍රමය මුදල් විශුද්ධිකරණය සඳහා යොදාගෙන ඇති බවට සැක මතුවන බවයි.
මේ සම්බන්ධයෙන් සිදුකළ සම්පූර්ණ ක්‍රියාපටිපාටිය පරීක්ෂා කිරීමේදී මෙම සැකය මතු වූ බව ඔහු පෙන්වාදී තිබේ.
මෙම කාලය තුළ වාහන බලපත්‍ර 1,077ක් නිකුත් කර ඇති බවත්, ඉන් බලපත්‍ර 77ක් පසුව අවලංගු කර ඇති බවත්, බලපත්‍රලාභීන් 640කට පහසුකම් සපයමින් ආනයනකරුවන් ලෙස ප්‍රධාන ආයතන දෙකක් ක්‍රියාත්මකවී ඇති බවත් විගණකාධිපතිවරයා වැඩිදුරටත් අනාවරණය කර තිබේ.
බලපත්‍ර නිකුත් කිරීමේ මුවාවෙන් ව්‍යාපාරයක් නිර්මාණය කිරීම මින් පෙන්නුම් කරන බව විගණකාධිපතිවරයා හෙළිකර ඇත.
එපමණක් නොව 2024 සැප්තැම්බර් 30 දක්වා ආනයනය කරන ලද වාහන 921ක් සඳහා සුඛෝපභෝගී බදු නිදහස් කිරීමේ සීමාව රුපියල් මිලියන 6 සිට රුපියල් මිලියන 12 ක් දක්වා ඉහළ නැංවීමෙන් රජයට රුපියල් බිලියන 2.42 ක බදු ආදායමක් අහිමිවී ඇති බව විගණකාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
අදාළ කාලසීමාව තුළ විදේශගත නොවූ පුද්ගලයන් සිව්දෙනකුට විදුලි වාහන බලපත්‍ර නිකුත් කර ඇති බවද එහිදී අනාවරණයවී ඇත.
මෙම යෝජනා ක්‍රමයට අදාළ චක්‍රලේඛයේ විදුලි වාහන බලපත්‍රයක් සඳහා සුදුසුකම් ලැබීමට අවශ්‍ය විදේශ රැකියා සඳහා අවම කාලසීමාවක් සඳහන් කර නොමැති බැවින් දින තුනේ සිට මාස තුන දක්වා කෙටි කාලයක් විදේශගතව සිටි පුද්ගලයන්ට මෙන්ම කඩින්කඩ විදේශගතවූවන්ට ද බලපත්‍ර ලබා දී ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ඒ අනුව, අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා මාසයක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙසත්, මෙම අක්‍රමිකතාවලට සම්බන්ධ නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙසත් කෝපා කමිටුව නිර්දේශ කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart