Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ණය අර්බුදය හේතුවෙන් අත්හිටුවා ඇති ව්‍යාපෘති යළි ක්‍රියාවට නැංවීමට හැකිවන පරිදි චීන එක්සිම් බැංකුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1.5කට වැඩි ණය මුදලක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් බව වාර්තා වේ.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ප්‍රංශය, ඉන්දියාව සහ ජපානය විසින් සම සභාපතිත්වය දරන පැරිස් සමාජය ප්‍රමුඛ නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමෙන් පසුව චීනයේ එක්සිම් බැංකුව සමඟ ශ්‍රී ලංකාව මේ සතියේ ගිවිසුමකට එළැඹුණු අතර ඊට සමගාමීව මෙම පහසුකම් ලබා ගැනීමට නියමිතය.
මේ යටතේ වසර තුනකට වැඩි කාලයක් ප්‍රමාද වී ඇති කඩවත මීරිගම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා වන ණය මුදල් ද ලබා ගත හැකි වනු ඇති බව වාර්තා වේ.
අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක මුදලක් ලැබීමත් සමග ලබන වසරේ මාර්ග ව්‍යාපෘතිවලින් බහුතරයක් ක්‍රියාත්මක කළ හැකි බවට මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන විශ්වාසය පළකර තිබේ.
පසුගිය ගංවතුරෙන් ගසාගෙන ගිය පාලම් සහ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් බිලියන 20ක් නිදහස් කරන ලෙස ද මහාමාර්ග අමාත්‍යාංශය ඉල්ලා තිබේ.
අවසන් කළ ව්‍යාපෘති සඳහා හිඟ වැටුප් ගෙවීමට තවත් රුපියල් බිලියන 40ක් ඉල්ලා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart