November 2, 2023

තවත් මහා පරිමාණ සිනි බදු වංචාවක් පිළිබඳ තොරතුරු හෙළිදරව් වේ.

සිදුවීම මෙසේය.

ආනයනික සීනි සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට රුපියල් 50ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ.

මුදල් අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරන්නේ, සංශෝධිත බද්ද අද (02) සිට ක්‍රියාත්මක වන බවයි.

එය 2024 වසරේ නොවැම්බර් 02 දක්වා වසරක කාලයක් සඳහා වලංගු වනු ඇත.

2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පනතේ 2 වැනි වගන්තිය යටතේ තමාට පැවරී ඇති බලතල අනුව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමැතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අදාළ රජයේ නිවේදනය නිකුත් කර ඇත.

මේ අනුව කිලෝග්‍රෑමයක් සඳහා මෙතෙක් පැවති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට ශත 25 සිට රුපියල් 50 දක්වා ඉහළ දමා ඇත.

මේ අතර අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණ කරන්නේ, මෙම බදු ඉහළ දැමීමට දිනකට පෙර මෙරටට සීනි මෙට්‍රික් ටොන් 8500ක ඇණවුමක් සිදුකර ඇති බවයි.

එම ආනයනය සිදුකර ඇත්තේද මීට පෙර මෙවැනිම මහා පරිමාන බදු වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ කුප්‍රකට ව්‍යාපාරිකයකු විසින් බවට තතුදත් ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව රජය විසින් මෙම බදු පැනවීම සිදුකර ඇත්තේ අදාළ ව්‍යාපාරිකයාට මෙම ආනයනය සිදුකිරීමට ඉඩ ලබාදීමෙන් පසුවද යන්න සම්බන්ධයෙන් සෙසු ආනයනකරුවන්ට සැක මතුවී තිබේ.

බද්ද වැඩිකිරීම යටතේ සීනි එක් කිලෝග්‍රෑමයකට රුපියල් 49යි ශත 75ක මුදලක් ඉහළ යයි.

ඒ අනුව, රුපියල් 50ක බද්ද පැනවීමට ප්‍රථම අදාළ ව්‍යාපාරිකයා ආනයනය කළ සීනි මෙට්‍රික් ටොන් 8500ක ඇණවුම හරහා රුපියල් බිලියන 04කට අධික (රු.422,875,000ක) දැවැන්ත බදු මුදලක් ඉතිරිකර ගැනීමට ඔහුට හැකියාව ලැබී ඇත.

42.31%
17.27%
32.76%