
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රුපියල් මිලියන 20.7 ක වංචාවක් සහ සාවද්‍ය පරිහරණයක් සම්බන්ධයෙන් පැමිණිලිකරුවකුට තොරතුරු හෙළිකරන ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව විසින් 2022 දී ලබාදුන් තීරණයකට එරෙහිව වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය ගොනුකළ අභියාචනයක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.
වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් පෞද්ගලික හේතූන් මත තොරතුරු නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ පැමිණිලිකරු තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව වෙත අභියාචනයක් ගොනුකර තිබිණි.
පැමිණිල්ල විමර්ශනය කරන ආචාරධර්ම කමිටුවේ සාමාජිකයන් කවුරුන්ද යන්න සහ ඔවුන් විනය පරීක්ෂණවලට අදාළ ආයතනයේ අනිවාර්ය නීති රීති පිළිපදින්නේ දැයි හෙළිකරන ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාව විසින් වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය වෙත නියෝග කර තිබිණි.
ඉන් අනතුරුව එම ආයතනය විසින් මෙම තීන්දුව අභියාචනාධිකරණයේදී අභියෝගයට ලක්කෙරිණි.
විනිසුරු එම්.සී.බී.එස්. මොරායිස් (විනිසුරු ආර්. ගුරුසිංහ එකඟවීමත් සමඟ) කොමිසමේ තීරණයට එකඟ නොවීම සඳහා පදනමක් නොමැති බවත්, වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය විසින් ගොනුකරන ලද අභියාචනයේ කිසිදු යෝග්‍යතාවයක් නොමැති බවත් අභියාචනාධිකරණය සඳහන් කළේය.
එම ආයතනය විසින් තමන්ගේ පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන විනිශ්චය මණ්ඩලය පිළිබඳව දැනගැනීම එක් එක් පුද්ගලයාගේ අයිතිය වන බැවින්, විනිවිදභාවය පවත්වා ගැනීමට අවශ්‍ය වන බවද ප්‍රකාශ විය.
පැමිණිලිකරුට සාධාරණ විභාගයක් සඳහා ඇති අයිතිය ක්‍රියාත්මක කිරීමට අදාළ තොරතුරු අත්‍යවශ්‍ය බවත්, පද්ධතිය කෙරෙහි වගවීම සහ විශ්වාසය පවත්වාගැනීම සඳහා තීරනාත්මක බවත් අධිකරණය වැඩිදුරටත් සඳහන් කළේය.
ආචාරධර්ම කමිටුවේ නම් හෙළිදරව් කිරීමෙන් ඔවුන්ගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද උල්ලංඝනය නොවන අතර, තොරතුරු නිකුත්කිරීම වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනයේ ක්‍රියාකාරීත්වයට අහිතකර බලපෑමක් ඇති නොකරන බවත් තීන්දුවේ සඳහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart