January 31, 2025

ජාතික තරුණ සේවා සභාවේ සභාපති චින්තක ඩී. හේවාපතිරණ සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණයෙන් පසු ඔහු එම තනතුරට පත්කරන ලදී.

ඔහුගේ ඉල්ලා අස්වීම නව ආණ්ඩුව යටතේ රාජ්‍ය ආයතන වෙත පත්කෙරුණු සභාපතිවරුන් අතුරින් සිව්වැනි ඉවත්වීම වේ.

ජනවාරි 29 වන දින ලංකා ප්‍රවාහන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධනද ඉල්ලා අස්වූ අතර, ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර මෑතකදී ජාතික රූපවාහිනී භාපති ධුරයෙන් ඉල්ලා අස්විය.

මේ අතර, එන්.බී.එම්. රණතුංගද ඊයේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්විය.

42.31%
17.27%
32.76%