Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරටට වාහන ආනයනය තහනම් කර තිබියදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුකෙරුණු දැවැන්ත වංචාවක් ජාතික විගණන කාර්යාලය අනාවරණ කරගෙන තිබේ.
නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද හෝ එකලස් කරන ලද වාහන සඳහා චැසි සහ එන්ජින් අංක වංචනික ලෙස ඇතුළත් කර ව්‍යාජ මෝටර් රථ ලියාපදිංචි සහතික නිකුත් කරමින් සිදුකළ මෙම වංචාව හේතුවෙන් සැළකිව යුතු මූල්‍ය පාඩුවක් සිදුවී ඇත.
ඒ අනුව නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන එන ලද නව සුඛෝපභෝගී වාහන 6ක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති බවට තොරතුරු අනාවරණ වී තිබේ.
මෙම ලියාපදිංචි කිරීම් විදේශ රාජ්‍යතාන්ත්‍රිකයන් සහ රාජ්‍ය නොවන සංවිධාන සඳහා මුලින් නම් කරන ලද වාහනවල වාර්තා ආදේශ කර ඇති අතර ඒවා තීරුබදුවලින් නිදහස් කර ඇති බව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කරන ලද විශේෂ විගණන වාර්තාවකින් අනාවරණ වී තිබේ.
වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ ඉල්ලා අස්වීමෙන් පසු මෙම පෙර වාහන ලියාපදිංචිය ඉවත් කර නැවත අපනයනය කර ඇති බවයි.
ලියාපදිංචි ඉවත් කරන ලද වාහන වෙනුවට වෙනත් සුඛෝපභෝගී වාහන හයක චැසි සහ එන්ජින් අංක ඇතුළත් කර විවිධ පුද්ගලයන්ට ලියාපදිංචි සහතික නිකුත් කිරීම සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට චෝදනා එල්ල වී තිබේ.
2023 සැප්තැම්බර් මාසයේදී ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කරන ලද විශේෂ විගණන වාර්තාවකට අනුව, ශ්‍රී ලංකා රේගුව විසින් එකතු කළ යුතුව තිබූ රුපියල් මිලියන 122ක බදු ආදායම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නීතිවිරෝධී ලෙස වාහන ලියාපදිංචි කිරීම හේතුවෙන් සාවද්‍ය පරිහරණය කර ඇතැයි කියනු ලැබේ.
මෙම වාහන ශ්‍රී ලංකා රේගු දත්ත පද්ධතියෙන් වලංගු රේගු ප්‍රකාශයක් (CusDec) නොමැතිව නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර හෝ එකලස් කර ඇති අතර, රේගු ආඥාපනතට අනුව ආනයන බදු ගෙවා නොමැති බව පෙන්නුම් කරයි.
අදාළ චැසි අංකවලට සමාන චැසි අංක සහිත වාහන ලියාපදිංචි කිරීමේ තොරතුරු පරීක්ෂා කිරීමේදී මෙම වාහන ලියාපදිංචි කිරීමේ සහතිකවල වැරදි දත්ත ඇතුළත් කර ඇති බව සටහන් වී ඇති බව විගණනය වැඩිදුරටත් අනාවරණය කරගෙන ඇත.
මීට අමතරව කලින් ලියාපදිංචි කළ මෝටර් රථ සඳහා ලියාපදිංචි සහතික නිකුත් කර ඇති බවත්, අනෙකුත් ලියාපදිංචි නොකළ මෝටර් රථවලට ගැළපෙන පරිදි චැසි අංක වෙනස් කර ඇති බවත් අනාවරණය වී තිබේ.
පසුගිය වසරවල අඛණ්ඩව බලපත්‍ර ලබා ඇති ලියාපදිංචි යතුරුපැදි 99ක චැසි සහ එන්ජින් අංක වෙනස් කර ඇති අතර නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද වෙනත් යතුරුපැදිවල වංචනික දත්ත ඇතුළත් කර ඇත.
ඉන් අනතුරුව, පවතින ලියාපදිංචි අංක සඳහා නව ලියාපදිංචි සහතික නිකුත් කර ඇති බව පැවසේ.
පද්ධති යාවත්කාලීන කිරීම් සඳහා වගකිව යුතු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වාහන ලියාපදිංචි කිරීමේ පද්ධතියෙන් පවතින දත්ත සහ වංචනික වෙනස්කම් පසුව ඉවත් කර ඇත.
තවද, නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද යතුරුපැදි 91ක් චැසි සහ එන්ජින් අංක ඇතුළත් කර නව (ව්‍යාජ) ලියාපදිංචි සහතික නිකුත් කර ඇත.
වලංගු රේගු ප්‍රකාශයක් නොමැතිව යතුරුපැදි ආනයනය කිරීම හේතුවෙන් රේගු බදු වශයෙන් රුපියල් 55,207,475ක පාඩුවක් සිදුව ඇත.
එසේම,මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විවිධ පන්ති යටතේ ලියාපදිංචි කර ඇති වාහන 31ක එන්ජින් අංක සහ චැසි අංක වෙනස් කර, වංචනික ලෙස ආනයනය කරන ලද යතුරුපැදි සම්බන්ධ දත්ත ඇතුළත් කර ඇති බවද අනාවරණ වී ඇත.
මෙම වංචනික වෙනස්කම්වගකිවයුතු නිලධාරීන් විසින් වාහන ලියාපදිංචි කිරීමේ පද්ධතියෙන් පසුව ඉවත් කර ඇත.
අනෙකුත් පන්ති සඳහා ලියාපදිංචි වාහන 29ක් සම්බන්ධයෙන් ද එම වංචනික ක්‍රියාවන් නිරීක්ෂණය වී තිබේ.
තවද, කළින් ලියාපදිංචි කර ඇති මෝටර් රථ 15ක චැසි සහ එන්ජින් අංක වෙනත් නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද හෝ එකලස් කරන ලද මෝටර් රථවලට ගැළපෙන පරිදි වෙනස් කර වාහන ලියාපදිංචි සහතික නිකුත් කිරීම වංචනික ලෙස සිදුකර ඇත.
මීට අමතරව, ආදායම් බලපත්‍ර ගාස්තු නොගෙවා කළින් ලියාපදිංචි කර තිබූ යතුරුපැදි හතරක එන්ජින් අංක සහ චැසි අංක 2022 දී නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද තවත් යතුරුපැදි හතරක අංක බවට වෙනස් කර මෝටර් රථ ලියාපදිංචි සහතික නිකුත් කිරීමේ වංචාවක් සිදුව ඇති බව විගණනයේදී අනාවරණය විය.
ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන තහවුරු කළේ විගණන වාර්තාවේ සොයාගැනීම් සම්බන්ධයෙන් මේ වන විට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙන බවයි.
(Sunday Morning)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart