August 31, 2024

ස්වාධීන ජනාධිපති අපේක්ෂකයකුට සහාය පළකරමින් ගම්පොළ බෝතලාපිටියේ උත්සව ශාලාවේ පැවති ජන හමුවෙන් පසු සිය ආධාරකරුවන්ට දෙන්නට සූදානම් වූ සංග්‍රහය අවලංගු කර එම ආහාරවලින් කොටසක් ගම්පොල පොලිස් භාරයට පත්කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කර තිබේ.

රැස්වීමට පැමිණ සිටි ආධාරකරුවන් හට රාත්‍රී ආහාර ලෙස බුරියානි ලබාදීමට සූදානම්ව පවතින බවට මැතිවරණ කොමිසම වෙත තිබූ පැමිණිල්ලකට අනුව එම නිලධාරීන් මෙම වැටළීම සිදුකර ඇත.

මෙම සාදය ආධාරකරුවන් 1500ක් සඳහා ලබාදීමට සූදානම් කර තිබූ බව දැනගන්නට ඇත.

මෙම හමුවට ප්‍රබල දේශපාලකයන් පිරිසක් එක්ව සිට තිබේ.

පිරිස පැමිණීමට පෙර මැතිවරණ කොමිසමේ නිලධාරීන් පැමිණ මෙම ආහාර ඔවුන් භාරයට ගෙන ඇත.

එම නිලධාරීන් ගම්පොළ පොලිසියේ සටහන් දමා පිටව ගොස් ඇති අතර, රාත්‍රී නමය පමණ වන විට ආරාධිත කථිකයන් පැමිණ එම රැස්වීම පවත්වාගෙන ගොස් තිබේ.