November 16, 2023

ශ්‍රී ලංකා මුහුදේ සුවිශේෂී ආර්ථික කලාපයේ පර්යේෂණ සහ සමීක්ෂණ කටයුතු සඳහා චීනය විසින් තවත් නවීනතම පර්යේෂණ යාත්‍රාවක් සඳහා ශ්‍රී ලංකාවෙන් අවසර ඉල්ලා ඇත.

වාර්තා අනාවරණය කරන ආකාරයට එම නෞකාව ෂියැන්ග් යැන්ග් හොන්ග් 3 (Xiang Yang Hong 3) ලෙස හඳුනාගෙන ඇත.

Xiang Yang Hong 3 ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය තුළ පර්යේෂණවල නිරත වීමට අපේක්ෂා කරන බව චීන නිලධාරීන් ඔවුන්ගේ ශ්‍රී ලංකා සගයන්ට දන්වා ඇත.

වාර්තා වලට අනුව, Xiang Yang Hong 3 ලබන වසරේ ජනවාරි 05 සිට පෙබරවාරි 20 දක්වා ශ්‍රී ලංකා මුහුදු තීරයේ පර්යේෂණවල හා සමීක්ෂණවල නිරතවීමට සැලසුම් කර ඇත.

Xiang Yang Hong 03 නෞකාව චීනයේ ස්වභාවික සම්පත් අමාත්‍යාංශයේ තුන්වන සාගර විද්‍යා ආයතනයට අයත් වේ.

එය දිගින් මීටර් 99.6ක් වන අතර, සාමාන්‍ය සමීක්ෂණ යාත්‍රා ගණයට වැටේ.

මේ අතර ඉන්දියාවේ දැඩි කනස්සල්ල මධ්‍යයේ පසුගිය ඔක්තෝබර් මාසයේදී කොළඹ වරායට සේන්දු වූ චීන භූ-භෞතික විද්‍යාත්මක පර්යේෂණ නෞකාව වන ෂී යැන් 6(Shi Yan 6) යළිත් වරක් කොළඹ වරායට පැමිණීමට නියමිත බවද වාර්තා වේ.

කෙසේවෙතත්, Shi Yan 6 නැවත මෙරටට පැමිණීම පිළිබඳව තමන් දැනුවත්ව නැති බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

42.31%
17.27%
32.76%