September 5, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් තවත් පක්ෂ කිහිපයක් සමඟ එක්ව අගමැති දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් පෙරමුණ අද දින පිහිටුවා ගනු ලැබිණි.

නව සන්ධානයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස ඇමැති රමේෂ් පතිරණ කටයුතු කරනු ඇත.

නව සන්දානයේ ලකුණ කුසලානය වේ.

නව සන්ධානයේ මිත්‍ර පාක්ෂිකයන් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, තමිල් මක්කල් විදුඩලයි පුලිගල් , ඊ.පී.ඩී.පී. , ජාතික කොන්ග්‍රසය, ලංකා ජාතික වතු කම්කරු සංගමය, එක්සත් ජනතා පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය සහ දේශප්‍රේමි ජනතා බලවේගයේ කණ්ඩායම් ඇතුළත් වේ.