Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහජන සාමය කළමනාකරණ කොට්ඨාශයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස පොලිස් අධිකාරී අජන්ත රුද්‍රිගු පත්කිරීම සම්බන්ධයෙන් මහජන විරෝධතා එල්ලවීමත් සමග එම පත්කිරීම සමඟ අවලංගු කර තිබේ.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය එම පත්වීම ප්‍රකාශයට පත්කළ නමුත් මහජනතාවගේ සහ මානව හිමිකම් ක්‍රියාකාරීන්ගෙන් විරෝධයක් එල්ලවීමෙන් අනතුරුව එම තීරණය එදිනම අවලංගු කර තිබේ.
ප්‍රචණ්ඩ සිදුවීම් කිහිපයකදී ඔහුගේ මතභේදාත්මක භූමිකාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පොලිස් අධිකාරී අජන්ත රුද්‍රිගු, 2022 පුරවැසි අරගලයේදී ඔහුගේ ඇතැම් ක්‍රියාකලාප සම්බන්ධයෙන් මහජන විරෝධයට ලක්ව සිටී.
විරෝධතාවලට සහභාගී වූ බොහෝදෙනෙක් ඔහුට එරෙහි සිය විරෝධතා සමාජ මාධ්‍ය තුළ පළකර තිබූ අතර, පොලිස් අධිකාරී අජන්ත රුද්‍රිගු සතු බලතල හමුවේ පහරකෑමට හෝ තුවාල වූ බවට ඇතැමුන් සිය පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම් හරහා අදහස් ප්‍රකාශ කර තිබිණි.
සිවිල් වැසියන්ට එරෙහිව අනවශ්‍ය ලෙස ප්‍රචණ්ඩත්වය භාවිත කරමින් රාජකාරි බලතල ඉක්මවා කටයුතු කරන බවට විරෝධතාකරුවෝ ඔහුට චෝදනා කළහ.
පොලිස් අධිකාරී අජන්ත රුද්‍රිගු සම්බන්ධ එක් සිදුවීමක් සිදුවූයේ, 2023 දී බොරැල්ලේ, 1983 ජූලි කලබලයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් පැවැති සාමකාමී අනුස්මරණයක් අතරතුර, ඔවුන් සිහිකිරීම සඳහා දල්වා තිබූ පහන් සහ ඉටිපන්දම් අදාළ පොලිස් නිලධාරියා විසින් තලාදැමීමයි.
මෙම ගැටුමේදී සමාජ ක්‍රියාකාරිනී සන්ධ්‍යා එක්නැලිගොඩ පොලිසිය විසින් තල්ලු කිරීම හේතුවෙන් තුවාල ලැබුවාය.
මීට අමතරව, 2023 මාර්තු මාසයේදී, කොළඹ විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවයක් විසුරුවාහැරීමට පොලිස් අධිකාරී අජන්ත රුද්‍රිගු නායකත්වය දුන් අතර, එම අවස්ථාවේදී පොලිසිය විසින් එල්ල කරන ලද කඳුළු ගෑස් ප්‍රහාරයක් කොළඹ විශ්ව විද්‍යාලයේ ආරක්ෂක නිලධාරියකුගේ මරණයට හේතු වූ බවට විශ්වාස කෙරේ.
2023 පෙබරවාරි මාසයේදී පොලිස් අධිකාරී අජන්ත රුද්‍රිගු මරදානේ පැවැති සාමකාමී උද්ඝෝෂණයක් විසුරුවාහරිමින් සිටියදී, සමාජ ක්‍රියාකාරිකයකු වන විදර්ශන කන්නන්ගරගේ අතක් කැඩීගියේය.
විදර්ශන කන්නන්ගර, තවත් බොහෝ පිරිසක් සමඟ එක්ව සමාජ මාධ්‍ය භාවිතා කරමින්, මෙම නිලධාරියාගේ පත්වීම පිළිබඳව පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart