January 14, 2024

2024 ජනවාරි 12 සිට ක්‍රියාත්මක වන පරිදි වාර්ෂික සුරාබදු බලපත්‍ර ගාස්තු වැඩි කර ඇත.

මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කරන ලද සුරාබදු ආඥා පනතක් මගින් බලපත්‍ර ගාස්තු මෙලෙස ඉහළ දමා තිබේ.

ඒ අනුව ස්කාගාර බලපත්‍ර ගාස්තුව (තල් අරක්කු හැර) රු. මිලියන 01 සිට රු. මිලියන 25ක් සහ තල් අරක්කු සඳහා බලපත්‍ර ගාස්තුව රුපියල් 250,000 සිට රු. මිලියන 05 දක්වා ඉහළ දමා ඇත.

මේ අතර රා බෝතල් කිරීමේ බලපත්‍ර ගාස්තුව රු. මිලියන 01 සිට රු. මිලියන 10 ක් සහ විනාකිරි නිෂ්පාදන බලපත්‍ර ගාස්තුව රු. 500,000 සිට රු. මිලියන 2.5 ක් ලෙස සංශෝධනය කර තිබේ.

මත්පැන් සඳහා වාර්ෂික තොග බලපත්‍රය රු. මිලියන 01 සිට රු. මිලියන 05 ක් වන අතර මත්පැන් සඳහා සිල්ලර බලපත්‍රය පහත පරිදි වැඩි කර ඇත.

– නාගරික ප්රදේශය – රු. මිලියන 15 කි
– නගර සභා බල ප්‍රදේශය – රු. මිලියන 12.5 කි
– අනෙකුත් ප්‍රදේශ – රු. මිලියන 10

සංචාරක මණ්ඩලයේ අනුමත හෝටල් සඳහා වාර්ෂික බලපත්‍ර ගාස්තුව පහත පරිදි වැඩි කර ඇත.

– කාමර 200 හෝ ඊට වැඩි – රු. මිලියන 01 කි
– කාමර 20 සිට 199 දක්වා – රු. 500,000 කි
– 20 ට අඩු කාමර – රු. 250,000 කි

කෙසේ වෙතත්, රාත්‍රී සමාජශාලා සඳහා වාර්ෂික බලපත්‍ර ගාස්තුව රු. 500,000 සිට රු. 250,000 දක්වා පහත දමා ඇත.

42.31%
17.27%
32.76%