Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කැලණියේ පැවති අලුත් අවුරුදු උත්සවයකදී සිදුවූ බව කියන සත්ව හිංසන සිද්ධීන් සම්බන්ධයෙන් සත්ත්ව හිමිකම් ක්‍රියාකාරී කණ්ඩායමක් පොලිස්පතිවරයා වෙත පෙත්සමක් ඉදිරිපත් කිරීමට සැලසුම්කර තිබේ.
කැලණිය රජමහා විහාර පරිශ්‍රය ඉදිරිපිට මාර්ගයේ පසුගිය සෙනසුරාදා (6) පැවති අලුත් අවුරුදු උත්සවයට තිරික්කල් රේස්, පෝනි රේස් මෙන්ම අලි රේස් වැනි ඉසව්ද ඇතුළත් කර තිබිණි.
එහි වීඩියෝ දර්ශනවලට අනුව මිනිසුන්ගේ හිංසනකාරී හැසිරීම් මෙන්ම ඇතැමුන් දුවන ගොනුන් සමඟ යතුරුපැදිවල ගමන් කරන අයුරුත් ඇතැමුන් අලි ඇතුන් සමග දුවන අයුරුත් ඇතැම් අලි ඇතුන් තමන්ගේම විලංගු ඔවුන්ගේ හොඬවලින් රැගෙන යන ආකාරයත් දක්නට ලැබෙන බව ‘රෙයාර් ශ්‍රී ලංකා’ සත්ව සුබසාධන ආයතනය පවසයි.
එහි අධ්‍යක්ෂිකා පංචාලි පනාපිටිය පවසන්නේ අවුරුදු උත්සවයේ මිනිසුන්ගේ හැසිරීම සතුන්ට හිංසාකාරී වී ඇති බවයි.
ඊට අමතරව ජනාකීර්ණ ප්‍රදේශයක මෙම උත්සවය පැවැත්වීමෙන් මහජනතාවට මෙන්ම සතුන්ටද අනතුරක් විය හැකි බව ඇය පෙන්වාදෙයි.
තරගය සඳහා යොදාගත් ගොනුන් බිය ගන්වා ඔවුන් කලබලයට පත්කර ඇති බවත් එක් සතකුට තුවාල සිදුවී ඇති බවත් ඇය සඳහන් කරයි.
පංචාලි පනාපිටිය පෙන්වාදුන්නේ අධික ලෙස ආතතියට ලක්වීමෙන් ගවයන් කම්පනයට පත්වී මිය යෑමට හැකියාව ඇති බවයි.
අලි ඇතුන් ද මෙම උත්සවයේදී මිනිසුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන බව ඇය කියා සිටියි.
එබැවින් ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට පෙත්සමක් ඉදිරිපත් කරන බව ද ඇය සඳහන් කළාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart