March 30, 2025

බෝගවලට හානි කරන සතුන් පිළිබඳ සංගණන වාර්තාව අප්‍රේල් පළමු සතියේ නිකුත් කිරීමට නියමිත බව දැනගන්නට ඇත.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආසිරි ලක්මාල් තෙන්නකෝන් පැවසුවේ සිකුරාදා (28) එම දත්ත ලැබුණු බවයි.

“ඊළඟ පියවර වන්නේ දත්ත පරීක්ෂා කිරීමෙන් පසු තෝරාගත් නියැදියක සිදුවන විද්‍යාත්මක සත්‍යාපන ක්‍රියාවලියක්. වාර්තාව අවසන් කර අප්‍රේල් පළමු සතිය හෝ ඊට ආසන්න කාලය වන විට නිකුත් කරන්න පුළුවන් වෙයි,” යනුවෙන් ඔහු පැවසීය.

සිකුරාදා (28) දත්ත නිකුත් කරන බව මීට පෙර ප්‍රකාශ වීම පිළිබඳ ඔහු තවදුරටත් පැහැදිලි කරමින් කියා සිටියේ අමාත්‍යාංශයට දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලින් දත්ත ලබා ගත යුතු දිනය එය වූ බවයි.