Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හොලිවුඩ් තරු යුවළක් වන ඇන්ජලිනා ජොලී සහ බ්‍රැඩ් පිට් වසර අටක නීතිමය සටනකින් පසු දික්කසාදය පිළිබඳ එකගතාවකට පැමිණ ඇති බව ඇන්ජලිනා ජොලීගේ නීතිඥවරයා පවසයි.
2014 දී විවාහ වී දරුවන් හයදෙනකු සිටින මෙම යුවළ බොලිවුඩයේ අතිශය ජනප්‍රිය අඹුසැමියන්ව සිටි අතර විදෙස් ජනමාධ්‍ය මගින් ඔවුන්ව හඳුන්වනු ලැබුවේ ‘බ්‍රැන්ජලිනා’ යුවළ (Brangelina) ලෙසයි.
නොගැලපීම් සහ වෙනස්කම් සිදුවන බවට චෝදනා කරමින් ඇන්ජලීනා ජොලී 2016 දී දික්කසාදය ඉල්ලා සිටියාය.
එම වසරේ පෞද්ගලික ජෙට් යානයකදී පිට් තමාට සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනකු අපයෝජනය කළ බවට ඇය චෝදනා කර ඇති බව අධිකරණ ක්‍රියාදාමයන් අතරතුර අනාවරණය කෙරිණි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයකින් පසුව බ්‍රැඩ් පිට්ට චෝදනා එල්ල නොවීය.
එමෙන්ම ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇත.
ඔහුගේ නීතීයින් දික්කසාද විසඳුම ගැන ප්‍රසිද්ධියේ අදහස් දක්වා නොතිබුණු බව ද විදෙස් ජනමාධ්‍ය පවසයි.
කෙසේවෙතත් ජොලීගේ නීතීඥ ජේම්ස් සයිමන්, පීපල් සඟරාවට ප්‍රකාශයක් කරමින් කියාසිටියේ දික්කසාද ක්‍රියාවලිය ආරම්භ වූ දා සිට තම සේවාදායකයා ඔවුන්ගේ පවුලට සාමය සහ සුවය සෙවීම කෙරෙහි අවධානය යොමුකර ඇති බවයි.
“මෙය වසර අටකට පෙර ආරම්භ වූ දිගුකාලීන ක්‍රියාවලියක එක් කොටසක් පමණි. අවංකවම, ඇන්ජලිනා වෙහෙසට පත්ව ඇත. නමුත් මෙම කොටස අවසන් වූ නිසා ඇයට සහනයක් ඇත.” යනුවෙන් ද ඔහු පවසා තිබිණි.
2016 දී ඔවුන්ගේ වෙන්වීම පිළිබඳ පුවත ප්‍රථම වරට ජනමාධ්‍ය මගින් වාර්තා කළ විට, යුවළ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියාසිටියේ එය පෞද්ගලික කටයුත්තක් බවයි.
එතැන් සිට ගතවූ වසර කිහිපය තුළ ඔවුන්ගේ සබඳතා පිළිබඳ විශාල ලෙස වාර්තා නොවීය.
කෙසේවෙතත් නඩුව සම්බන්ධයෙන් පළවූ වාර්තාවල දැක්වුණේ ජොලී ඇගේ හිටපු ස්වාමිපුරුෂයාට පළිගැනීමේ යුද්ධයක් ක්‍රියාත්මක කරන බවට චෝදනා එල්ල කරන බවයි.
එමෙන්ම ඔහුගේ ව්‍යාපාර හිතාමතාම අඩපණ කිරීමට උත්සාහ කරන බවට පිට්, ජොලීට චෝදනා කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart