Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය වර්ෂය සඳහා ඇස්තමේන්තුගත මුළු ජලවිදුලි උත්පාදනය ගිගාවොට් පැය 3750 වුවද වසර අවසානය වන විට ජලවිදුලි උත්පාදනය ගිගාවොට් පැය 4510ක් ඉක්මවා යෑම නිසා විදුලිබල මණ්ඩලයට අමතර ලාභයක් සිදුව තිබේ.
විදුලි ඉල්ලුම ගිගාවොට් පැය 400කින් පමණ පහත වැටී ඇතැයි ද ගණන් බලා ඇත.
මෙම කරුණු හේතුවෙන් ගල් අඟුරු බලාගාරවල අක්‍රියතාව සැළකිල්ලට ගත් විට රුපියල් බිලියන 26කට අධික අමතර ලාභයක් විදුලිබල මණ්ඩලයට ලැබී තිබේ.
විදුලිය මිල 18% කින් ඉහළ යෑමෙන් රුපියල් බිලියන 26කට වැඩි අමතර ලාභයක් මණ්ඩලය උපයා ඇත.
ඒ අනුව මණ්ඩලයේ සමස්ත ලාභය රුපියල් බිලියන 52 ඉක්මවනු ඇති බව පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක කමිටුවකදී හෙළි වී ඇත.
මෙම සමස්ත තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් ආංශික අධීක්ෂණ කමිටුව කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇත.
2024 ජනවාරි මාසයේ සිට මාස 3ක කාලයක් තුළ විදුලිබල මණ්ඩලය ඉපැයූ අතිවිශාල ලාභය ජනතාව වෙත බෙදාහරින ආකාරයට විදුලි ගාස්තු අඩු කරන ලෙස විදුලිබල මණ්ඩලයට නියෝග කිරීම, අන්ත දිළිඳු පවුල් ඒකක සඳහා විශේෂ සාධාරණ මිල ක්‍රමයක් හඳුන්වා දීම, ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා කාර්මික පද්ධතිය ආරක්ෂා කරන මිලකරණය අදාළ දෙපාර්තමේන්තු සහ අමාත්‍යංශ සමඟ එක්ව ප්‍රතිපත්තියක් ලෙස කඩිනමින් හඳුන්වා දීම ,2024 හි ඉතිරි කාලය සඳහා මිල ගණන් පිළිබඳ විනිවිද භාවයෙන් පරිපූර්ණ සමාලෝචනයක් සතියකින් ආරම්භ කිරීම වැනි නිර්දේශ ඊට ඇතුළත් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart