March 19, 2025

රජය විසින් ගොවීන් සඳහා වෙන්කරන ලද පොහොර සහනාධාර මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇති බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ, ඇතැම් ගොවීන්ට තවමත් එම සහනාධාර ගෙවීම් ලැබී නොමැති බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා අනාවරණ කළේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් 155 දෙනකු සඳහා වෙන්කළ රුපියල් 2,934,310 ක මුදලක් අයථා ලෙස පරිහරණය කර ඇති බව අනාවරණ වී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් නිලධාරිනියක් මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු පැවැසුවේය.

මීට අමතරව ඇතැම් ගොවීන්ගේ පොහොර සහනාධාර මුදල් අතුරුදන්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබී ඇති අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව ද රාජ්‍ය අමාත්‍යවරයා තහවුරු කළේය.