Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උගුරේ කිරි සිරවී ප්‍රතිකාර සඳහා රැගෙන ආ මාස දෙකක් වයසැති බිළිඳියකට මාතර කඹුරුගමුව නව රෝහලේදී ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාලගේ උපදෙස් මත මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත.
ඊට අමතරව රෝහල් මට්ටමේ පරීක්ෂණයක් ද ක්‍රියාත්මක කර ඇත.
මෙම සිද්ධිය වාර්තා වන්නේ ජූලි 3 වැනිදාය.
කිරි ලබාදීමෙන් පසු ඇති වූ සංකූලතා මත මව්පියන් විසින් බිළිඳිය නව කඹුරුගමුව රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට රැගෙනවිත් තිබේ.
කෙසේවෙතත්, හදිසි ප්‍රතිකාර ඒකකය ක්‍රියාත්මක නොවන බව රෝහල් ආරක්ෂක නිලධාරීන් ඔවුන්ට දන්වා රෝගියා භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.
ගිලන් රථයක් භාවිත කිරීමට හෝ තම බිළිඳිය රෝහල තුළට ගෙන යෑමට මව්පියන් කළ ඉල්ලීම් ද ඔවුන් ප්‍රතික්ෂේප කර තිබේ.
පසුව මව්පියන් විසින් බිළිඳිය කිලෝමීටර් 10ක් පමණ දුරින් පිහිටි මාතර මහ රෝහල වෙත රැගෙන ගොස් ඇත.
එහිදී වෛද්‍යවරුන් විසින් ප්‍රකාශ කර ඇත්තේ බිළිඳිය මියගොස් ඇති අතර විනාඩි 30කට පමණ පෙර රැගෙන ආවේ නම් බේරා ගැනීමට හැකිව තිබූ බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart