Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට දීර්ඝ කාලීනව ජීවත් වන රුසියානු සහ යුක්රේන සංචාරකයන්ට දින 14ක කාලයක් ඇතුළත රට හැර යෑම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් කළ දැනුම්දීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නියෝග කර තිබේ.
ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය විසින් පෙබරවාරි 22 බ්‍රහස්පතින්දා සංචාරක අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් නිකුත් කරමින් ඉල්ලා සිටියේ අදාළ යුක්රේන සහ රුසියානු සංචාරකයන්ට නව නීතිය පිළිබඳව දැනුම් දෙන ලෙසයි.
මෙම අමුත්තන්ගෙන් බොහෝ දෙනෙක් එම දෙරට අතර යුද්ධය ඇති වූ 2022 පෙබරවාරි මාසයේ සිට ඔවුන්ගේ සංචාරක වීසා කාලානුරූපී දිගුවක් මත මෙහි පදිංචිව සිටිති.
යුද්ධය දරුණු වීමෙන් පසු තම මව් රටවලට ගුවන් ගමන් ඇණහිටීමෙන් පීඩාවට පත් වූ යුක්රේන ජාතිකයන්ට සහ රුසියානුවන්ට 2022 පෙබරවාරි 28 වැනිදා සිට සම්පූර්ණ වසර දෙකක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට අවසර ලබා දී ඇත්තේ නොමිලේ වීසා දීර්ඝ කිරීම් සහ කල් ඉකුත් වූ සංචාරක වීසා සඳහා දඬුවම් පැනවීමක් නොමැතිව බව ආගමන හා විගමන දෙපාර්තමේන්තු ලිපියේ සඳහන් වේ.
රුසියානු යුක්රේන ගැටුම දිගින් දිගටම පැවතිය ද දැන් රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් පවතින අතර යුක්රේන ජාතිකයන්ට ද ගුවන් මගින් ශ්‍රී ලංකාවට ඇතුළුවීමට සහ පිටවීමට පහසුකම් ඇති බව ද එම ලිපියේ සඳහන් වේ.
ඒ අනුව ඔවුන්ගේ වීසා බලපත්‍ර ඒ ආකාරයෙන්ම දීර්ඝ කිරීම තවදුරටත් අවශ්‍ය නොවන බව නිරීක්ෂණය වී ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ, ඇමැති මණ්ඩලයේ පූර්ව අනුමැතියකින් තොරව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් අදාළ නිවේදනය නිකුත් කර ඇති බවයි.
එබැවින් රුසියා – යුක්රේන යුද්ධය ආරම්භයේ සිට මෙරට රැඳී සිටින මෙම සංචාරකයින්ට මීට පෙර ලබාදී තිබූ වීසා දීර්ඝ කිරීම් අවලංගු කිරීමට ශ්‍රී ලංකා රජය නිල වශයෙන් තීරණය කර නොමැති බව ද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීනව වාසය කරන සියලුම රුසියානු සහ යුක්රේන සංචාරකයින්ට රටින් පිටවීම සඳහා පෙබරවාරි 23 වැනිදා සිට දින 14ක කාලයක් ලබා දෙමින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පසුගියදා නිවේදනයක් නිකුත් කළේය.
ඇතැම් විදේශීය සංචාරකයන් නීතිවිරෝධී ව්‍යාපාර රට තුළ පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ඇති වූ අවධානය හේතුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇති බවට වාර්තා විය.
මෑත මාසවලදී, සංචාරක වීසා මත ශ්‍රී ලංකාවේ නීති විරෝධී ව්‍යාපාර පවත්වාගෙන යන විදේශිකයන් සංඛ්‍යාව වැඩි වීම කෙරෙහි ද අවධානයක් යොමු විය.
විශේෂයෙන්ම දකුණේ ඔවුන්ගේ ආයතනවලින් ස්වදේශිකයන් බැහැර කිරීමේ ප්‍රවණතාව වැඩි වෙමින් තිබිණි.
රුසියානු ඩීජේ සංගීත ශිල්පියකු උණවටුන සමාජ ශාලාවක පසුගියදා සංවිධානය කළ සාදයක් ‘ෆේස් කොන්ට්‍රෝල් : වයිට්’ යනුවෙන් ප්‍රචාරය කිරීමෙන් පසු සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයට ලක්විය.
ප්‍රශ්න කළ විට, ඔහු විස්තර කර තිබුණේ එහි තේරුම ‘සුදු මිනිසුන් සඳහා පමණි , ප්‍රදේශවාසීන් නැත’ යන්න බවයි.
මෙය අන්තර්ජාලය හරහා දැඩි විවේචනයට ලක්වූ අතර එය බලධාරීන්ගේ අවධානයට ලක්වීමෙන් පසු ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ සාදය අවලංගු කර තිබේ.
අදාළ රුසියානු ඩීජේ සංගීත ශිල්පියා Instagramහි පසුව ප්‍රකාශකර තිබුණේ ඔහු තම පවුල සමඟ රට හැර ගිය බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart