December 23, 2023

උණ රෝගයක් වැලදීම හේතුවෙන් මාතර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මාතර බන්ධනාගාරයේ රැඳවියකු ඊයේ (22) ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගිය පුද්ගලයා මිනීමැරුම් චෝදනා මත පසුගිය අගෝස්තු 30 වැනිදා බන්ධනාගාරගත කර සිටි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

උණ රෝගීන්ගේ වැඩිවීමක් හේතුවෙන් මාතර බන්ධනාගාරයේ රැඳවියන් කිහිපදෙනකු ඊයේ මාතර රෝහලට ඇතුළත් කිරීමට ද කටයුතු කර තිබිණි.

දෙපාර්තමේන්තුවට අනුව මේ වන විට රැඳවියන් අටදෙනෙක් රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටිති.

42.31%
17.27%
32.76%