Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මාතර බන්ධනාගාර පරිශ්රයට ඊයේ (1) රාත්රියේ විශාල බෝ ගසක අත්තක් කඩා වැටීමෙන් බන්ධනාගාර රැඳවියකු මියගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබේ.
තුවාල ලැබූ රැඳවියන් 11 දෙනා තවමත් මාතර රෝහලේ ප්රතිකාර ලබන බව පොලිසිය තහවුරු කරයි.
රාත්රී 10.14ට පමණ මෙම සිදුවීම සිදුව ඇත්තේ බන්ධනාගාරයේ ජී සහ එෆ් වාට්ටු ආශ්රිතවය.
බෝ ගසේ අත්ත කඩා වැටීමෙන් රැඳවියන් 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කිරීමේදී එක් අයකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මිය ගොස් ඇත්තේ 34 හැවිරිදි රැඳවියකු වන අතර ඔහු මිදිගම තුර්කි ගම්මානයේ පදිංචිකරුවෙකි.
තුවාල ලැබු රැඳවියන් අවුරුදු 25ත් 52ත් අතර වයස්වල පසුවන්නන් වේ.
ඔවුන් දෙනිපිටිය, මිරිස්ස, වැලිගම, ගාල්ල, මාතර, ගන්දර, බටපොල, දෙයියන්දර, ගල්ගමුව ඇතුළු විවිධ ප්රදේශවල පදිංචිකරුවන්ය.
සිද්ධිය වන විට ජී සහ එෆ් වාට්ටුවල රැඳවියන් 100කට ආසන්න පිරිසක් රැඳී සිට ඇත.
ඉන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් විසින් ඉතිරි රැඳවියන් ආරක්ෂිත ගොඩනැගිල්ලකට ගෙන ගොස් තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart