November 24, 2023

කාන්තාවකට ඇගේ සිඩ්නි නිවසේදී ලිංගික අතවර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් තරුවකට නඩු පැවැරූ එරට පොලිසිය පසුව “අසාධාරණ ලෙස” ක්‍රියාකර ඇති බවට අධිකරණයට කරුණු වාර්තා වී තිබේ.

32 හැවිරිදි ධනුෂ්ක ගුණතිලකට මාස 10කට පමණ පසු ඇප මත ඔස්ට්‍රේලියාවෙන් පිටව යාමට අවසර ලැබුණේ සැප්තැම්බර් මාසයේදී විනිසුරුවරයාගේ තනි නඩු විභාගයකින් පසුව ඔහු නිදොස් කොට නිදහස් කිරීමෙන් පසුවය.

ටින්ඩර් යෙදවුම හරහා හමුවූ කාන්තාවක් සමඟ ලිංගිකව එක්වීමකදී ගුණතිලක කොන්ඩමයක් අවසරයකින් තොරව ඉවත් කර ඇති බවට පොලිසිය චෝදනා කර තිබිණි.

නඩු විභාගයේ මුලසුන දැරූ විනිසුරු සාරා හගෙට් අද පැවති වියදම් පිළිබඳ නඩු විභාගයකදී කියා සිටියේ පැමිණිල්ලේ නඩුව සම්බන්ධයෙන් තමාට “සැළකිව යුතු සංවේගයක් ” ඇති බවයි.

“නඩු පැවරූපාර්ශ්වයට නඩු පැවරීමට පෙර සාක්ෂි සහ අදාළ සියලු කරුණු සන්තකයේ තිබුණේ නම්, නඩු විභාගය ආරම්භ කිරීම සාධාරණ නොවන බව මගේ අදහසයි,” ඇය පැවසුවාය.

T20 සුපිරි මට්ටමේ පිතිකරු අත්අඩංගුවට ගෙන 2022 නොවැම්බරයේදී ලිංගික අතවර චෝදනා හතරක් සම්බන්ධයෙන් චෝදනා කරනු ලැබුවේ කාන්තාව “බොන්ඩි” පොලිසියට මේ බව පැමිණිලි කිරීමෙන් පසුවය.

ගුණතිලක කොන්ඩම් පැළඳුවහොත් පමණක් තමා ලිංගික ක්‍රියාවලට එකඟ වන බව එම කාන්තාව පවසා ඇති බව අධිකරණයට දන්වා ඇති අතර, ඔහු මැසිවිලි නැගුවද අවසානයේ එකඟ වූ බවද අධිකරණයට වාර්තා වී තිබේ.

කාන්තාව පළමුව පොලිසියට ලබාදුන් ප්‍රකාශයේ සටහන්වලින් පෙනී යන්නේ කොන්ඩමය “ඇගේ කැමැත්තට එරෙහිව” ඉවත් කළ බව ඇය නිලධාරීන්ට පැවසූ බවයි.

එහෙත් ගුණතිලක ප්‍රතික්ෂේප කළේය.

එම සම්මුඛ සාකච්ඡාව අතරතුර, විනිසුරු හගෙට් පැවසුවේ, මාස හයකට පමණ පසු ඇය පොලිසියට ලබාදුන් ප්‍රකාශයේ එම “විවේචනාත්මක” සාක්ෂි ඇතුළත් කිරීමට කාන්තාව අපොහොසත් වී ඇති බවයි.

අවසානයේදී, පොලිසිය නඩු විභාගයට යොමු වූයේ එක් චෝදනාවක් මත පමණි.

එනම් කොන්දමය සම්බන්ධ කරුණේදී ඇය නොමග යැවූ බවට වන චෝදනාව පමණක් වන අතර ලිංගිකත්වයේ රළුබව සම්බන්ධ චෝදනා ඉවත් කර ඇත.

“පැමිණිල්ලේ නඩුව රළු හෝ ආක්‍රමණශීලී ලිංගික සංසර්ගයක් නොවන බව මතක තබා ගනිමින් ගොනු කර ඇති බව පැහැදිලිව පෙනේ,” යනුවෙන්ද විනිසුරු හගෙට් පැවසුවාය.

“එම කරුණු නඩු විභාගයේදී කරන ලද සත්‍ය සොයාගැනීම්වල ප්‍රතිඵලයක් නොවේ… පැමිණිලිකාරියගේ විශ්වසනීයත්වයට සම්බන්ධ අඩුපාඩුද නොවේ. නඩු පැවරීමේ නඩුවේ බොහෝ ආවේණික ගැටලු සහ දුෂ්කරතා ඇති අතර ඒවා ආරම්භයේදීම පැමිණිල්ලට පැහැදිලිව පෙනෙන්නට තිබිණි.”

ධනුෂ්ක ගුණතිලකට වියදම් ප්‍රදානය කිරීම සඳහා සහතිකයක් නිකුත් කරන ලෙස විනිසුරු හගේට් නියෝග කළාය.

කෙසේවෙතත් මේ වනවිට ඔහු යළි සිය නිවසට පැමිණ සිටියි.

නඩු විභාගයේදී පොලිසිය ඉදිරිපත්සඳහන් කර තිබුණේ ගුණතිලකට එරෙහිව නඩු පැවරීමට තීරණය කිරීමේදී “නඩු විභාගයේදී සත්‍ය සොයාගැනීම්” කුමක්වේද යන්න අනාවැකි කිව නොහැකි බවයි.

 

42.31%
17.27%
32.76%