February 4, 2024

රාජ්‍ය දේපළ බද්දක් හඳුන්වාදීමේ ක්‍රමවේදයන් පිළිබඳ අධ්‍යයනයක් සිදු කිරීම සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් බදාදා (7) මෙරටට පැමිණීමට නියමිතව තිබේ.

මුදල් අමාත්‍යංශයේ මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් M.K.C. සේනානායක පවසා ඇත්තේ, ශ්‍රී ලංකාව තුළ දේපළ බදු හඳුන්වාදීමේ යෝග්‍යතාව සහ නිශ්චිත ක්‍රමවේදයන් තීරණය කිරීම සඳහා අධ්‍යයනයක් කිරීමටත් පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කිරීමටත් මෙම කණ්ඩායම සති දෙකක කාලයක් රැඳී සිටීමට නියමිත බවයි.

සංචාරයේදී ඔවුන් මිනින්දෝරු දෙපාර්තමේන්තුව, මහ නගර සභා, පළාත් පාලන, පළාත් සභා සහ මුදල් කොමිෂන් සභාව වැනි පාර්ශ්වකරුවන් සමඟ කටයුතු කරනු ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

මේ වන විටත් ඇතැම් නගර සභා, නගර සභා ආඥාපනත යටතේ දේපළ බදු අයකරමින් සිටින බව ඔහු අනාවරණ කළේය.

අධ්‍යයන තුළින් සිදුකරන වෙනත් දේ අතර, එවැනි නාගරික දේපළ බදු වෙනුවට රාජ්‍ය දේපළ බද්දක් හඳුන්වා දිය යුතුද නැතහොත් ඊට සමගාමීව මෙය හඳුන්වාදෙන්නේද යන්න අධ්‍යයනය කිරීමට ඔවුන් බලාපොරොත්තු වේ.

මෙම රාජ්‍ය දේපළ බද්ද හඳුන්වාදීම තවමත් එහි ආරම්භයේ පවතින බවත්, තවමත් නිශ්චිත ක්‍රමවේද තීරණය කර නොමැති බවත්, අධ්‍යයනයෙන් දේපළ බද්ද අය කරන්නේ කෙසේද යන්න තීරණය කිරීම සඳහා දත්ත පරීක්ෂා කර විශ්ලේෂණය කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

2025 වන විට දේපළ බද්දක් හඳුන්වාදීම, රජය සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල 2023 දී එකඟ වූ ආදායම් උත්පාදන සැලැස්මේ කොටසකි.

“2025 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3% ක ප්‍රාථමික මූල්‍ය අතිරික්තයක් කරා ළඟා වීමට, අපි දේපළ බදු ක්‍රමය ප්‍රතිසංස්කරණය කර ධන හුවමාරු බද්දක් හඳුන්වා දෙන්නෙමු. විශේෂයෙන්ම අපි රටපුරා නිශ්චල දේපළ බද්දක් හඳුන්වා දී මධ්‍යම සහ පළාත් ආණ්ඩු අතර පැවරුම් ක්‍රමය සකස් කරන්නෙමු.” යනුවෙන් ශ්‍රී ලංකාව විසින් සහතිකයක් ලබා දී ඇත.

බදු රහිත දීමනාවක් සහ අවම නිදහස් කිරීම් සමඟ තෑගි සහ උරුම බද්දක් ද හඳුන්වා දෙන අතර මෙම බදු ප්‍රතිසංස්කරණ සඳහා සූදානම් කිරීමේ කටයුතු 2023 මැද භාගය වන විට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ තාක්ෂණික සහාය මගින් ආරම්භ කරන බව ද රජය ප්‍රකාශ කර තිබේ.

42.31%
17.27%
32.76%