May 26, 2024

නීතිපති, ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම්ගේ ධුර කාලය මාස හයකින් දීර්ඝ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිර්දේශ කර තිබේ.

රාජරත්නම්ට මාස හයක සේවා දිගුවක් ලබා දීමේ නිර්දේශය දැනටමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ජූනි මස මුල් සතියේ පාර්ලිමේන්තුව රැස්වන විට එම ඉල්ලීම සළකා බැලීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අපේක්ෂා කරන බව ද වාර්තා වේ.

රාජරත්නම්ට සේවා දිගුව නොලැබුණහොත් වයස අවුරුදු 60 සම්පූර්ණ වූ පසු ජුනි 27 වැනිදා විශ්‍රාම යෑමට නියමිතය.

42.31%
17.27%
32.76%