July 7, 2024

රුහුණු කතරගම මහා දේවාලයේ ඊයේ(06) රාත්‍රියේ පැවැති ඇසළ පෙරහැර අතරතුර අලියකු කුලප්පු වීම නිසා 13 දෙනකු පමණ තුවාල ලබා තිබේ.

පෙරහැර ආරම්භ වී සුලු මොහොතකට පසු රාත්‍රී 9ට පමණ පෙරහැරේ ගමන්ගත් අලියෙකු කුලප්පු වීම නිසා පෙරහැර නැරඹමින් ජනතාව නොසන්සුන් වී ඇත.

පිරිස ඉතා කලබලයට පත්ව දිවීම හේතුවෙන් ඒ අතුරින් පිරිසක් මෙලෙස තුවාල ලබා ඇති බව පොලිසිය පවසයි.

තුවාල ලැබූ පිරිස කතරගම රෝහලට ඇතුළත් කර තිබේ.

42.31%
17.27%
32.76%