January 15, 2024

පසුගිය බදාදා (10) දින නාඳුනන ප්‍රහාරකයන් විසින් පකිස්ථානයේ උතුරු වසිරිස්තාන් ප්‍රදේශයේදී මැතිවරණ අපේක්ෂකයකු සහ තවත් පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර තිබේ.

කලීමුල්ලා ඛාන් ලෙස හඳුනාගෙන ඇති ස්වාධීන අපේක්ෂකයා, Khyber Pakhtunkhwa සභාවේ PK-104 සඳහා මැතිවරණයට තරඟ කිරීමට අපේක්ෂාවෙන් සිටි බව වාර්තා වේ.

කලීමුල්ලා මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරතව සිටියදී දිස්ත්‍රික්කයේ ටැප්පි ගම්මානයේදී මෙම සිද්ධිය සිදුව ඇති බව එරට පොලිසිය සදහන් කරයි.

පකිස්ථානය තුළ ත්‍රස්තවාදී සිදුවීම්වල වැඩිවීමක් පවතින බවද එරට ජනමාධ්‍ය වාර්තා කරයි.