March 13, 2024

තම නිවසින් පිටතදී එකට මිය ගිය ශ්‍රී ලාංකික වයෝවෘද්ධ යුවලක් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හිදී සොයාගෙන ඇත.

මෙම යුවල උෂ්ණ තරංග හේතුවෙන් මියයන්නට ඇතැයි ඕස්ට්‍රේලියාවේ ඩේලි මේල් වාර්තා කරයි.

වොරන්ඩයිට් නම් ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 38 දක්වා ඉහළ ගිය පසුගිය ඉරිදා සිදුව ඇති ඔවුන්ගේ කනගාටුදායක වියෝව සීසීටීවී කැමරාවල සටහන්ව ඇති බව පැවැසේ.

අඟහරුවාදා එම ස්ථානයේ සිටි රහස් පරීක්ෂකයකු ඩේලි මේල් වෙත පවසා ඇත්තේ, මෙම යුවළගේ මරණය ඛේදජනක අනතුරකට වඩා වැඩි දෙයක් නොවන බවයි.

ඔවුන් දෙදෙනාම වයස අවුරුදු අසූවෙහි පසුවන අතර, ඔවුන් දෙදෙනාම අසල්වැසියන්ට අත වනමින් පසුවූ මිත්‍රශීලී පුද්ගලයන් ලෙස වාර්තා සඳහන් කර ඇත.

මෝටර් රථයේ සිට නිවෙසට ඇවිද යන අතරතුර මෙම මරණ සිදුව ඇතැයි සඳහන් වේ.

බදාදා(අද) පොලිසිය තහවුරු කර ඇත්තේ, මෙම යුවළගේ මරණ සැක සහිත ලෙස නොසළකන බවයි.

කැස්පර්ස් නැමති මියගිය පිරිමි පුද්ගලයා මෙල්බර්න් හි ශ්‍රී ලාංකික ප්‍රජාවට ද දැඩි ලෙස සම්බන්ධවී සිට ඇති අතර, ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා ජනවාර්ගික කණ්ඩායම නියෝජනය කරන සමාජයක් වන බර්ගර් සංගමයේ උප සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇත.

42.31%
17.27%
32.76%