Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
T 56 උණ්ඩ යෙදිය හැකි ගිනිඅවියක් ඇතුළු ගිනිඅවි නිෂ්පාදනය කළ චිත්‍ර ශිල්පියකු ටී. පනස් හයේ ජීව උණ්ඩ සමඟ ඉංගිරිය කොස්සේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.
එම සැකකරු සමඟ ටි 56 වර්ගයේ උණ්ඩ දැමීම සදහා මෙරට සකසන ලද ගිනි අවියක්, ටි 56 ජීව උණ්ඩ 3 ක්, ෂොට් ගන් වර්ගයේ ගිනි අවියක්, කඩුවක්, හමුදා නිලධාරින් භාවිතා කරන ආරක්ෂක හිස්වැසුමක් පොලිස් භාරයට ගෙන ඇත.
යුක්තිය මෙහෙයුමට සමගාමීව බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයේ හොරණ සහ ඉංගිරිය පොලිසියට අනුයුක්ත නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන නිවස තුළ සිදුකළ පරික්ෂාවේ දී මෙම ගිනි අවි සහ ජීව උණ්ඩ සොයාගැනීමට හැකිවූ බව පොලිසිය කියයි.
ටී 56 ජීව උණ්ඩ තුන අල්මාරියේ ලාච්චුව තුළත්, ටී පනස් හයේ උණ්ඩ යෙදිය හැකි ගිනි අවිය, කඩුව, හමුදා ආරක්ෂක හිස් වැස්ම මුළුතැන් ගෙයි තිබීත්, අනෙක් ගිනි අවිය කාමරයේ ඇඳුම් රඳවනයේ එල්ලා තිබියදීත් සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරයි.
මෙම සැකකරුට විරුද්ධව ගල්කිස්ස සහ හොරණ මහේස්ත්‍රාත් අධිකරණවල කොල්ලකෑම්, මත්ද්‍රව්‍ය හා කෝලාහල නඩු ගණනාවක් පවතින බවද පොලිසිය පවසයි.
මෙම ගිනි අවි අපරාධ සඳහා යොදාගෙන තිබේද, අපරාධකරුවන් වෙත ලබා දී තිබේද, ඔහුට ටී පනස් හයේ උණ්ඩ ලැබුණේ කෙසේද, යන්න පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදුකිරීමට නියමිතය. 54 හැවිරිදි සැකකරු හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart