February 16, 2025

නාවික හමුදාව සහ කුලියාපිටිය පොලිසිය එක්ව අද අලුයම ඉලුක්හේන ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී T56 ගිනි අවියක් සන්තකව සිටි නාවික හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉලුක්හේන ගල්පොල ප්‍රදේශයේ නිවසක සිදුකළ මෙහෙයුමේදී එලෙස සොයාගෙන ඇති ගිනිඅවිය කොළඹ වරායේ රන්වල කඳවුරේ අවි ගබඩාවෙන් 2021 වසරේදී අතුරුදන් වූ ගිනි අවියක් බවත්, එවකදී ඔහු එම ගබඩාව භාරව සිට ඇති බවත් අනාවරණ වී ඇත.

අත්අඩංගුවට ගැනීමෙන් පසු වැඩිදුර පරීක්ෂණ සඳහා වැලිසර නාවික හමුදා කඳවුර වෙත රැගෙන ගිය සෙබළා අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා කුලියාපිටිය පොලිසියට භාර දීමට පියවර ගෙන තිබේ.