August 30, 2024

ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට සලාක දීමනා ලබාදීමේ දැනට පවතින ක්‍රමය වෙනස් කිරීමට පියවර ගනිමින් සිටින බව ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

ජනමාධ්‍ය අමතමින් රාජ්‍ය ඇමැති තෙන්නකෝන් කියා සිටියේ ඒ අනුව ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ සලාක දීමනාව ලබන ජනවාරි මාසයේ සිට ඔවුන්ගේ මාසික වැටුපට එක් කරන බවයි.

මෙම පියවර ඔවුන්ගේ මූල්‍ය තත්ත්වය ඉහළ නංවන අතරම මූල්‍ය විනිවිදභාවය සහ වගවීම ඉහළ නැංවීමට හේතුවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.