
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලාංකික මෝටර්රථ ධාවක යෙවන් ඩේවිඩ්, 2025 යුරෝෆෝමියුලා විවෘත ශූරතාවලිය සඳහා නිල වශයෙන් මෝටෝපාර්ක් සමඟ ගිවිසුම් අත්සන් කර තිබේ.
ආසියාවේ වඩාත්ම උද්යෝගිමත් තරුණ ධාවකයකු වීමට නියමිත යෙවන් ඩේවිඩ්, මෝටෝපාර්ක් කණ්ඩායම සමඟ 2025 යුරෝෆෝමියුලා විවෘත වාරයේදී තරඟ කරන බව තහවුරු කර තිබේ.
17 හැවිරිදි යෙවන් ආකර්ෂණීය මට්ටටමේ ධාවන වාර්තාවක් ගොඩනඟා ගෙන තිබේ.
ෆෝමියුලා 4 මට්ටමේ තරඟයේදී ඔහුගේ දක්ෂතා පෙන්වීමෙන් පසු, ඩේවිඩ් දැන් යුරෝෆෝමියුලා විවෘත තරඟයේ දී දක්ෂතා පෙන්වීමට නියමිතය.
යුරෝපයේ වඩාත්ම කැපී පෙනෙන ධාවන තරග කිහිපයකදීම ඔහු තරඟ කරනු ඇත.
“2025 වාරය සඳහා මෝටෝපාර්ක් සමඟ එක්වීමට ලැබීම ගැන මම සතුටු වෙනවා,” යනුවෙනේ යෙවන් ඩේවිඩ් පැවසීය.
“යුරෝෆෝමියුලා විවෘත තරගාවලිය යනු ඉහළම පෙළේ රියදුරන් රැසක් සංවර්ධනය කිරීමට උපකාරී වූ අපූරු ශූරතාවලියක්, එවැනි ශක්තිමත් කණ්ඩායමක් සමඟ වැඩ කිරීමෙන් මගේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට මට හැකි වනු ඇතැයි මම විශ්වාස කරනවා. අන්තර්ජාතික වේදිකාවේ ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ලැබීම ගැන මම ආඩම්බර වනවා. මගේ රටෙන් තවත් තරුණ ධාවකයන් මෝටර් රථ ක්‍රීඩාවට පෙළඹවීමටත් බලාපොරොත්තු වෙනවා” යනුවෙන් ඔහු පැවසීය.
මෝටර්පාර්ක් කණ්ඩායමේ ප්‍රධානී ටිමෝ රම්ප්ෆ්කයිල් ද ඩේවිඩ්ගේ හැකියාවන් කෙරෙහි විශ්වාසය පළ කළේය.
“යේවන් මේ දක්වා ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ විශාල හැකියාවන් පෙන්නුම් කර තිබෙනවා, ඔහුට යුරෝෆෝමියුලා විවෘත තරගාවලියේදී හොඳින් තරග කරයි කියලා අපි විශ්වාස කරනවා.” යනුවෙන් ඔහු සඳහන් කර තිබේ.
ඩේවිඩ් යුරෝෆෝමියුලා විවෘත තරගාවලියට සහභාගී වීම ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩාව සඳහා ද සන්ධිස්ථානයකි.
ගෝලීය වේදිකාවේ තරඟ කරන කලාපයේ සිටින කිහිප දෙනාගෙන් කෙනෙකු ලෙස, ඔහුගේ ප්‍රගතිය අන්තර්ජාතික තරඟවලට පිවිසීමට බලාපොරොත්තු වන දකුණු ආසියාවේ තරුණ ධාවකයන්ට ආශ්වාදයක් ලබා දෙනු ඇත.
මර්ක් ස්ටොප්, ඇල්කොම් සහ ඩේහෝලි යන සන්නාම මෙන්ම සිලෝන් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ් (CMSC) ද ඩේවිඩ්ගේ ගමනට සහාය දක්වයි.
යුරෝෆෝමියුලා ඕපන් හි 2025 වාරයේදී ඩේවිඩ් මෝටර් රථ ක්‍රීඩාවේ දීප්තිමත්ම නැගී එන ධාවකයන් කිහිපයකට එරෙහිව තරඟ වදින අතර, ස්පා-ෆ්‍රැන්කෝර්චැම්ප්ස්, මොන්සා සහ බාර්සිලෝනා වැනි ජනප්‍රිය ධාවන පථවලදී ද තරඟ පැවැත්වේ.
මෙම වාරය අප්‍රේල් 27 වැනි දින පෘතුගාලයේ පෝර්ටිමාඕ ධාවන පථයේදී ආරම්භ වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart