Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඊශ්‍රායලයට යවන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට එරටදී හමුදා පුහුණුව ලබාදීමට කටයුතු කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.
“ගාසා තීරයේ ගැටුම් ඇවිළුණු දා සිට ඊශ්‍රායලය විසින් අත්පත් කරගත් ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයන් ස්ථානගතව සිටිනවා ” මන්ත්‍රීවරයා පැවසීය.
කෙසේවෙතත් ඊට ප්‍රතිචාර දැක්වූ කම්කරු ඇමැති මනූෂ නානායක්කාර එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළේය
“විදේශගත ශ්‍රී ලාංකිකයන්ට හමුදා පුහුණුවක් ලබා දෙන්නේ නැහැ. බොරු චෝදනා එල්ල කිරීම ඊශ්‍රායලය සමඟ ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික සබඳතාවලට බලපානවා. ශ්‍රී ලංකා රජයට ඊශ්‍රායලය සමග නොබැඳි විදේශ ප්‍රතිපත්තියට අනුව සබඳතා පවත්වන්න ඉඩ දෙන්න. ඔක්‌තෝබර් 7 වැනිදා හමාස් ප්‍රහාරයට සහ එතැන් සිට ඊශ්‍රායලය පලස්‌තීනයට එල්ල කළ හමුදා ප්‍රහාරවලට අපි විරුද්ධ වුණා. වගකීම් විරහිත ප්‍රකාශ කර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට බාධා නොකළ යුතුයි,” ඇමැතිවරයා පැවසීය.
ශ්‍රී ලාංකිකයන් යුද්ධය පැවති ප්‍රදේශවලට යවන බවත්, ඔවුන්ගේ ජීවිත අවදානමට ලක්වන බවට එල්ල වන චෝදනා ද ඔහු ප්‍රතික්ෂේප කළේය.
ඊශ්‍රායලය විසින් අල්ලා ගන්නා ලද ප්‍රදේශවලට හෝ යුද වැදී ඇති ප්‍රදේශවලට කිසිදු සේවකයකු නොයවන බව ඇමැතිවරයා පැවසීය.
යුද්ධයෙන් පීඩාවට පත්නොවන ප්‍රදේශවලට සේවකයන් යවන බව ද ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart