March 25, 2025

වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව ලේඛනාගාරය අසල සවිකර තිබූ වායුසමීකරණ යන්ත්‍රය සොරාගත් සැකකරුවෙකු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු කැලණිය වනවාසල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

වායුසමීකරණ අලුත්වැඩියා කරන පුද්ගලයෙකු ලෙස වෙරහැර මෝටර් රථ ප්‍රවාහනන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළු වී ඇති මොහු කුලී රථයකින් මෙම වායු සමීකරණ සමීකරණය ගලවා රැගෙන විත් ඇත්තේ දිවා කාලයේය.

ඔහු මෙම වායුසමීකරණය අබලි ද්‍රව්‍ය විකුණන ස්ථානයකට අලෙවි කර එම මුදලින් මත්ද්‍රව්‍ය පානය කර ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

ඉදිරි විමර්ශන බස්නාහිර දක්වන අපරාධ කොට්ඨාසය විසින් සිදුකරයි.