September 8, 2024

ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ අකුරැස්සේ පිහිටි මැතිවරණ කාර්යාලයකට ඊයේ රාත්‍රියේ අලාභහානි සිදුකර ඇති බව එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල සභික සහ එජාප අකුරැස්ස සංවිධායක දිනූක් කොළඹගේ පවසයි.

“අපේ විරුද්ධවාදීන් මේ මැතිවරණයේදී ප්‍රතිපත්ති මත අපිව පරාජය කරන්න උත්සාහ කළා. ඒක අසාර්ථක වුණා. මහජනතාව ඔවුන්ගේ පොරොන්දු ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔවුන් දැන් අපිව සහ අපේ ආධාරකරුවන් බිය ගන්වන්න හදනවා. ඒකත් අසාර්ථක වෙනවා,” කොළඹගේ වැඩිදුරටත් සඳහන් කරයි.