42.31%
17.27%
32.76%
September 25, 2024

ඇමෙරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය වාර්ෂිකව ප්‍රකාශයට පත්කරනු ලබන ලොව හොදම විද්‍යාඥයන් සියයට 2 ක අතරට ශ්‍රී ලාංකිකයෝ 38 දෙනෙක් ද තෝරා ගනු ලැබ සිටිති.

ලොව හොඳම විද්‍යාඥයන් සියයට 2 ක අතරට තේරී පත් වූ එම පිරිස මෙරට උසස් අධ්‍යාපන ආයතන සහ පරේක්ෂණ ආයතන 14ක් නියෝජනය කරයි.

එම ශ්‍රී ලාංකිකයන් 38 දෙනා අතරින් 9 දෙනකු කොළඹ විශ්ව විද්‍යාලය නියෝජනය කරනු ලබන අතර, බහුතරයක් වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රය නියෝජනය කරන පර්යේෂකයෝ වෙති.

මෙම පිරිස අතර වෛද්‍ය විද්‍යා පර්යේෂකයන් වන සරෝජ් ජයසිංහ, චන්න ජයසුමන, රනිල් ජයවර්ධන, සේනක රාජපක්ෂ, සමත් ධර්මරත්න, සෑම් කුලරත්න, මොහාන් මුණසිංහ, කමනි මෙන්ඩිස් සහ අර්ජුන මැදගම යන මහාචාර්යවරු ද වෙති.

මහාචාර්ය චන්න ජයසුමන අඛණ්ඩව වසර 4 ක් මෙම ලැයිස් තුවට ඇතුළත් වීම විශේෂත්වයකි.

එක් එක් ක්ෂේත්‍රවල ගෝලීය වශයෙන් වෙනසක් ඇති කළ පර්යේෂකයන්ට පිළිගැනීමක් ලබාදීම සඳහා ඇමෙරිකාවේ ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලය එල් සිවයර් විද්‍යා ප්‍රකාශකයන් සමඟ එකතු වී මෙම ශ්‍රේණිගත කිරීම වාර්ෂිකව ප්‍රකාශයට පත්කරනු ලබයි.

පසුගිය 17 වැනිදා ප්‍රකාශයට පත්කළ මෙම වසරේ ශ්‍රේණිගත කිරීමට විද්‍යාත්මක ක්ෂේත්‍ර 22 ක උප ක්ෂේත්‍ර 174 ක් නියෝජනය කරන විද්‍යාඥයෝ 2,23,252 ක පිරිසක් ඇතුළත්ව සිටිති.

පසුගිය වසරේ ශ්‍රී ලාංකිකයන් 42 ක් ලොව හොඳම විද්‍යාඥයන් සියයට 2 ක අතරට තේරී පත් වූ අතර මෙවර එම සංඛ්‍යාව 38 දක්වා අඩුවී තිබීම විශේෂත්වයකි.

ලොව හොඳම විද්‍යාඥයන් සියයට 2 ක අතරට ඉන්දියාවේ 5,352 ක් තේරී ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 717 වැඩිවීමකි.

එසේම බංග්ලාදේශයේ 205 දෙනෙක් ද මෙම වසරේ එම ශ්‍රේණිගත කිරිමට ඇතුළත්ව සිටිති.(ලංකාදීප)

42.31%
17.27%
32.76%