
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹදී ඉකුත් මාර්තු 22 වැනි දින ඊශ්‍රායල විරෝධී ස්ටිකරයක් ඇලවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 22 හැවිරිදි මොහොමඩ් රුස්ඩි නමැති තරුණයකු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා තබාගැනීම සම්බන්ධයෙන් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ආයතනයේ දකුණු ආසියානු කාර්යාලය කනස්සල්ලට පළකර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සවුත් ඒෂියා පවසන්නේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රුස්ඩි දින අනූවක් රඳවාගෙන සිටින බවයි.
ශ්‍රී ලංකාවේ නව නායකත්වය යටතේ බලධාරීන් විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කිරීම සම්බන්ධයෙන් එම ආයතනය කණගාටුව ප්‍රකාශ කර තිබේ.
ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සවුත් ඒෂියා පෙන්වාදෙන්නේ, අත්අඩංගුවට ගෙන සති දෙකක කාලයකදී රුස්ඩි නමැති තරුණයා අත්අඩංගුවට ගැනීම හෝ අඛණ්ඩව රඳවා තබාගැනීම නීත්‍යානුකූල බව පෙන්වා දිය හැකි සාපරාධී වැරදි ක්‍රියාවක් පිළිබඳ කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා බලධාරීන්ට නොහැකි වූ බවයි.
එබැවින්, රුස්ඩිගේ අයිතිය වහා ප්‍රතිෂ්ඨාපනය කරන ලෙසත්, අන්තර්ජාතිකව හඳුනාගත හැකි අපරාධයක් සිදු වූ බවට කිසිදු පිළිගත හැකි චෝදනාවක් හෝ පිළිගත හැකි සාක්ෂියක් නොමැති නම්, ඔහු නිදහස් කරන ලෙසත් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සවුත් ඒෂියා මෙරට බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
තවද, දශක ගනනාවක් පුරා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනිසි ලෙස භාවිත කිරීමේ බලධාරීන්ගේ අතීත ක්‍රියාවලින් ඉවත් වීමට නම්, නව ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳ ඔවුන්ගේ ස්ථාවරය තුළ කටයුතු කළ යුතු අතර, ත්‍රස්තවාදී වරදක් පිළිබඳ නීත්‍යානුකූල සැකයක් නොමැති අවස්ථාවක, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විශාල බලතල භාවිත කිරීමෙන් සහ අනිසි ලෙස භාවිතා කිරීමෙන් වැළකී සිටීමට බලධාරීන්ට දැඩි මාර්ගෝපදේශ නිකුත් කළ යුතුය.
එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත කිරීම වහාම අත්හිටුවිය යුතු අතර මෙම අපයෝජන නීතිය ඉවත් කිරීමට රජය සැලසුම් කර ඇති කාලරාමුවක් ප්‍රසිද්ධියට පත්කළ යුතු බවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් පීඩාවට පත්වූවන්ට ඔවුන්ට සිදු වූ අසාධාරණයට පිළියම් සහ වන්දි ලබා දිය යුතු බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සවුත් ඒෂියා පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart