March 13, 2024

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලය හරහා එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව මෙරට ආරක්ෂක අංශ සඳහා බුද්ධි, නිරීක්ෂණ සහ ඔත්තු බැලීමේ (ISR) ගුවන් ගමන් පිළිබද පහසුකම් සැපයීමට ඉදිරිපත්ව තිබේ.

ඊට අදාළ පුහුණු වැඩසටහන ඊයේ රත්මලාන ගුවන් හමුදා කඳවුරේදී ආරම්භ වූ අතර එය මාර්තු 14 දක්වා පැවැත්වේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අනුව, සමුද්‍රීය වසම් පිළිබඳ දැනුවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ හැකියාවන් වැඩි දියුණු කිරීම කෙරෙහි අවධාරණය කරමින්, විස්තීර්ණ විස්තර සැපයීම සහ බුද්ධි, නිරීක්ෂණ සහ ඔත්තු බැලීම මෙම පියාසැරි ආදර්ශන පැවැත්වීමේ මූලික අරමුණ වේ.

ශ්‍රී ලංකාවේ සමුද්‍රීය වසම පිළිබඳ දැනුවත් කිරීමේ හැකියාව වැඩි දියුණු කිරීම, ශ්‍රී ලංකා ගුවන් හමුදා නියමුවන්ට සහ සමුද්‍රීය නිරීක්ෂණ කටයුතුවල නිරත ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවන්ට පුහුණුව ලබා දීම සහ එක්සත් ජනපදය සමඟ සම්බන්ධ විය හැකි අනාගත අවස්ථා සඳහා සූදානම් වීම සහ වඩාත් ආරක්ෂිත සහ සමෘද්ධිමත් ඉන්දු පැසිෆික් කලාපයක් ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජනපද රජය අතර අන්තර් ක්‍රියාකාරීත්වය සහ සබඳතා ශක්තිමත් කිරීම මෙහි අරමුණ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසීය.

කාලයේ ඇවෑමෙන්, මෙම නව හැකියාව ශ්‍රී ලංකාවේ සාගර සම්පත් වඩා හොඳින් ආරක්ෂා කිරීමට, නීතිවිරෝධී ජාවාරම් වැළැක්වීමට, එහි සුවිශේෂී ආර්ථික කලාපය නිරීක්ෂණය කිරීමට සහ මුහුදේ ආරක්ෂාව සහතික කිරීමට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවට උපකාරී වනු ඇති බවට විශ්වාස කෙරේ.

ඒකාබද්ධ ආරක්ෂක අභ්‍යාස, සමුද්‍රීය වසම පිළිබඳ දැනුවත් කිරීම සහ මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් ඇතුළුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟ අනාගත පුහුණුව සහ සහයෝගීතාව සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ සහාය ස්ථාපිත කිරීමට මෙම පුහුණු වැඩසටහන් උපකාර වනු ඇත.

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනිය පැවසුවේ සමුද්‍ර සම්පත් ආරක්ෂා කිරීම, නීති විරෝධී ජාවාරම් මැඩපැවැත්වීම, ශ්‍රී ලංකාවේ සුවිශේෂී ආර්ථික කලාපය නිරීක්ෂණය කිරීම සහ එහි මුහුද ආරක්ෂා කිරීම සඳහා වූ හැකියාවන් මෙම ප්‍රදර්ශනයෙන් පෙන්නුම් කළ බවයි.

මානුෂීය ආධාර, ආපදා සහන සහ සමුද්‍ර ආරක්‍ෂාව සඳහා සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා එක්සත් ජනපදය සිය හවුල්කාරිත්වය සහ සාමූහික ප්‍රයත්නයන් සඳහා කැපවී සිටින බව ද ඇය පැවසුවාය.

42.31%
17.27%
32.76%