Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පනහ-හැට සහ හැත්තෑව දශකවල දකුණු ආසියාවේ ජනප්‍රියතම රේඩියෝ වැඩසටහන් වූ බිනාකා ගීත් මාලා වැඩසටහන ඉදිරිපත් කළ ජනප්‍රිය නිවේදක අමීන් සයානි මුම්බායිහි දී හෘදයාබාදයක් හේතුවෙන් මියගොස් තිබේ.
මියයන විට 91 හැවිරිදි වියේ පසුවූ ඔහු දකුණු ආසියාවේ ජනප්‍රියතම රේඩියෝ නිවේදකයා ලෙස සැළකේ.
තරුණ පරම්පරාව අනවශය ලෙස බටහිරට නැඹුරු කරන බව සදහන් කරමින් 1952 දී එවකට ඉන්දියාවේ තොරතුරු හා ගුවන් විදුලි ඇමැතිවරයාගේ මැදිහත්වීමෙන් සමස්ත ඉන්දීය ගුවන් විදුලි සේවයෙන් හින්දි චිත්‍රපට ගිත ප්‍රචාරය කිරීම හදිසියේම නවතා දැමිණි.
ගුවන් විදුලිය හැර ගීතයක් ඇසීමට වෙනත් සුලබ මාධ්‍යයක් නොමැති වූ ඒ් යුගයේ, මෙම හදිසි තීරණය ජනප්‍රිය වෙමින් ආ හින්දි සිනමා ගීත කලාවට ආසක්ත වූවන් තුළ මහත් කම්පනයක් මෙන්ම රික්තයක් ද ඇති කරවීය.
මෙම හිස්තැන එවකට ලංකාවේ ගුවන් විදුලි සේවාව වූ රේඩියෝ සිලෝන් විසින් ග්‍රහණය කරගනු ලැබූ අතර ඒ් අනුව හින්දි සිනමා ගීත ඉදිරිපත් කිරීමේ ප්‍රමුඛයෙකු වූ අමීන් සයානි සම්බන්ධ කරගෙන රේඩියෝ සිලෝන් විසින් බිනාකා ගීත්මාලා නමින් හින්දි සිනමා ගීත ඉදිරිපත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරනු ලැබිණි.
කෙටි තරංගමාලා ඔස්සේ ඒය භාරතයෙනුත් ඔබ්බට විකාශය කෙරැණ අතර ඉතාමත් කෙටි කාලයක් තුළ එකල ආසියාවේ වැඩිම පිරිසක් ශ්‍රවණය කළ ගුවන් විදුලි වැඩසටහන බවට පත්වීමට ඊට හැකියාව ලැබුණු අතර වැඩසටහන විකාශය කරද්දී ලක්ෂ විස්සක පමණ පිරිසක් ඒයට සවන්දුන් බවට වාර්තා පවතී.
මේ අන්දමට 1952 සිට 1988 දක්වා ලංකාවේ ගුවන් විදුලිය ඔස්සේ විකාශය වූ බිනාකා ගීත්මාලා වැඩසටහන ලංකා ගුවන් විදුලියට විශාල ආදායමක් උපයාදුන් වැඩසටහනක් ලෙස ද ඉතිහාසයට එක්ව තිබේ.
පසුව 1988 සිට 1994 දක්වා සමස්ත ඉන්දීය ගුවන් විදුලි සේවයේ විවිද්භාරතී සේවය ඔස්සේ බිනාකා ගීත්මාලා වැඩසටහන ඉදිරිපත් කරනු ලැබූ අතර ඒම සමස්ත කාලය තුළම ඒය ඉදිරිපත් කළේ අමීන් සයානි විසිනි.
1951 සිට ඔහු විසින් ගුවන් විදුලි වැඩසටහන් 54, 000ක් පමණ ඉදිරිපත් කර ඇති බව සදහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart