November 25, 2023

කෘෂිකර්ම අමාත්‍යංශය විසින් වව්නියාව දිස්ත්‍රික්කයේ ගොවි පවුල් 300ක් අතර TJC අඹ පැළ 84,000ක් බෙදා දී ඇති බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පවසයි.

මන්නාරම, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ජනතාවට පැළ බෙදාදීම සම්බන්ධයෙන් මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් පාර්ලිමේන්තුවේදී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමරවීර ඇමැතිවරයා මහතා මේ බව පැවසීය.

“මෙම ජනප්‍රිය අඹ ප්‍රභේදයේ පැළ 280 බැගින් සෑම පවුලකටම ලබා දෙනවා.

මේ වන විට පවුල් 207ක් අතර අඹ පැළ 47,424ක් බෙදා දී තිබෙනවා. සමහර ගොවීන්ට සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන ජල පොම්ප සහ භූමිතෙල් මගින් ක්‍රියාත්මක වන ජල පොම්ප ලබා දී තිබෙනවා.” යැයි ඇමැති අමරවීර පැවසීය.

“අපට සෑම දිස්ත්‍රික්කයකම එකම නිෂ්පාදනයක් වගා කළ නොහැකියි,” යනුවෙන් පැවසූ අමරවීර ඇමැතිවරයා , අපනයන වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින්එය විශාල වශයෙන් වගා කළ යුතු බව ද පැවසීය.

ඔහුට අනුව, අක්කරයක මෙවැනි ශාක 560ක් සඳහා පහසුකම් සැලසිය හැකිය.

“මෙය පැළ 7-8ක් වැනි කුඩා පරිමාණයෙන් සිටුවීමෙන් පලක් නැහැ.එය ක්‍රමානුකූලව වගා කළ යුතුයි “යැයි ද ඇමැති අමරවීර පැවසීය.

 

42.31%
17.27%
32.76%