Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රටේ පරිභෝජනයට අවශ්‍ය තරම් තොග තිබියදී සහල් ආනයනය කිරීමට පෙරේදා (03) පැවැති ආහාර කමිටු රැස්වීමේදී ගත් තීරණයට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර තම විරෝධතාව පළකරමින් ජනාධිපති වෙත ඊයේ ලිපියක් යවා තිබේ.
එහි සඳහන් වන්නේ රට තුළ ඇති තරම් සහල් තොග තිබියදී සහ මෙවර මහ කන්නයේ වී අස්වනු නෙළමින් සිටින අවස්ථාවක ගත් මේ තීරණය නිසා ගොවි ජනතාව කබලෙන් ළිපට වැටෙන බවයි.
මෙවර මහ කන්නයේ හෙක්ටයාර් 780,000ක් වී වගා කර තිබෙන අතර, දැනට කර තිබෙන පුරෝකථන අනුව වී මෙට්‍රික් ටොන් ලක්ෂ තිස් දෙකක් අස්වනු ලැබෙනු ඇති බවත්, වගා කර ඇති ඉඩම් ප්‍රමාණයෙන් හෙක්ටයාර අසූදහසක කීරි සම්බා වගාකර තිබෙන බවත්, ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ සඳහන්ය.
ඉන් ලබාගත හැකි අස්වනු ප්‍රමාණය මෙට්‍රික් ටොන් තුන්ලක්ෂ පනස්දහසකි.
ලෝකයේ කිසිම රටක කීරි සම්බා වගාකරන්නේ නැති බවත්, කීරි සම්බා යනු BG 360 දේශීය වී වර්ගය බවත්, ලංකාවේ හැර ලෝකයේ කිසිම රටක වගා නොකරන කීරි සම්බා යැයි පවසා වෙනත් සහල් විශේෂයක් මෙරටට ගෙන්වීමට යන බවත්, මේ ගත් තීන්දුව ගොවි ජනතාව තුළ නොසන්සුන්තා මෙන්ම උද්ඝෝෂණ තත්ත්වයක් ඇති විය හැකි බවත්, ඇමැතිවරයා සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.
ආහාර කමිටුව ගත් මේ තීරණයට කෘෂිකර්ම ඇමැති ලෙස තමාගේ විරෝධය පළකරන බවද ඇමැතිවරයා සඳහන් කරයි.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart