42.31%
17.27%
32.76%
September 15, 2023

ලබන වසරේදී බිත්තර සහ කුකුල් මස්වල මිල අඩුවීමට ඉඩ ඇති බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර ඊයේ (14 ) ජනාධිපති මාධ්‍ය අංශයේ පැවැති ජනමාධ්‍ය හමුවකද පැවැසීය.

එහිදී ඇමැතිවරයා සදහන් කළේ, කොවිඩ් වසංගතය සහ අර්ථික අර්බුදය සමග බිත්තර නිෂ්පාදනය 50% කින් සහ මස් නිෂ්පාදනය 30% කින් අඩුවීමක් සිදුවූ බවත්ඇමැතිවරයා පෙන්වාදෙයි.

මේ වන විට සියලුම ගොවිපොළවල මුළු කුකුළු ගහණය 3,420,000 ඉක්මවා ඇති අතර, ඉන් කිකිළියන් බොහොමයක් දෙසැම්බර් මාසය වන විට බිත්තර දැමීම ආරම්භ කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, එම කාලයෙන් පසු රට තුළ බිත්තර නිෂ්පාදනයේ සැළකිව යුතු මට්ටකින් ඉහළ යා හැකි යැයි කර්මාන්තකරුවන් අපේක්ෂා කරන බවත් ඇමැතිවරයා පැවැසීය.

එසේම කාලීන පාංශු සම්පත් සංවර්ධන වැඩසටහන යටතේ උතුරු පළාතේ පාංශු සම්පත් සේවා දියණු කිරීමට සඳහා රුපියල් මිලියන 37 ක් සහ බිත්තර නිෂ්පාදනය සදහා රුපියල් මිලියන 48 ක් වෙන් කර තිබෙන බවද ඔහු එහිදී හෙළිකළේය.

එමෙන්ම කිරි ආශ්‍රිත නිෂ්පාදන සංවර්ධනය කිරීමට සදහා පස් අවුරුදු සැලැස්ම යටතේ කුඩා සහ මධ්‍ය පරිමාණයේ කිරි නිෂ්පාදන සංවර්ධනය සදහා ආහාර හා අ‍ාහාර සැකසුම් මධ්‍යස්ථාන 06 ක්, අභිජනන ගොවිපොළවල් 09ක් සහ අභිජනන මධ්‍යස්ථාන වැඩි දියුණු කිරිමට බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

42.31%
17.27%
32.76%