Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ එළවළු මිල ඉහළ යෑම අවම කිරීම සඳහා ගෙවතු වගාවන් නඩත්තු කරන ලෙස, කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
පසුගිය කාලයේ ඇදහැළුණු අධික වර්ෂාවත් සමග එළවළු වගාවන් විනාශ වී ඇති බව කෘෂිකර්ම අමාත්යංශය පවසයි.
ඒ හේතුවෙන්, මේ වනවිට එළවළු සඳහා ඉහළ මිලක් අයකිරීමට සිදුව ඇති බව ඇමැතිවරයා සදහන් කරයි.
ඔහු ජනමාධ්‍යවේදීන් අමතා කියාසිටියේ, අඛණ්ඩව පවතින අධික වර්ෂාව හේතුවෙන් මෙවැනි තත්ත්වයක් ඇති විය හැකි බවට තමන් මීට පෙර අනතුරු ඇඟවීමක් කළ බවයි.
මිරිස්, තක්කාලි සහ විවිධ කොළ වර්ග වැනි මූලික අවශ්‍යතා සහිත ගෙවත්තක් පවත්වාගෙන යෑම කෙරෙහි අවධානය යොමුකරන ලෙසද හෙතෙම වැඩිදුරටත් පවසා ඇත.
“මිල වැඩිවීම ගැන මටත් කෘෂිකර්ම අමාත්‍යාංශයටත් කිහිපදෙනෙක් බනිනවා. අධික වර්ෂාපතනය එළවළු වගාවන්ට වන බලපෑම ජනතාව තේරුම් ගත යුතුයි. එකිනෙකාට දොස් පැවරීමෙන් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ” ඔහු පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart