October 9, 2024

හිටපු කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය මහින්ද අමරවීර කොළඹ පැජට් පාරේ පිහිටි සිය නිලනිවස කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට පවරා දී ඇති බව වාර්තා වේ.

රටේ පාලනාධිකාරියේ සිදුවූ වෙනසට සමගාමීව හිටපු අමාත්‍යවරයා සිය නිල නිවසින් ඉවත්ව තිබේ.

ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද අමරවීර කියා සිටියේ එම නිවස සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට ලබාදීමේ යෝජනාව තමන් විසින් හිටපු ආණ්ඩුවට ඉදිරිපත් කළ බවයි.

පසුගිය ආණ්ඩුව විසින් ඊට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී ඇති බව පවසමින් ඔහු කියාසිටියේ මෙම හුවමාරුව සඳහා අවශ්‍ය සියලුම ලියකියවිලි අවසන් කර ඇති අතර එමඟින් පාසලට ගොඩනැගිල්ල භාවිත කිරීමට අවස්ථාව හිමිවනු ඇති බවයි.

42.31%
17.27%
32.76%