Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බ්‍රිතාන්‍යය කේන්ද්‍ර කරගත් ලයිකාමොබයිල් සමූහයේ ප්‍රංශයේ ක්‍රියාත්මක සමාගම්වලට මුදල් විශුද්ධිකරණය සහ එකතු කළ අගය මත බදු (වැට්) සම්බන්ධ වංචාවන්ට පැරිස් අධිකරණයක් යුරෝ මිලියන 10ක දඩයක් නියමකර තිබේ.
වැට් බදු වංචාවට හවුල්වීම සම්බන්ධයෙන් එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිස්ටෝපර් ටූලිට සිර දඬුවමක් සහ දඩයක් ද නියම කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
සුබාස්කරන් අල්ලිරාජාට අයත් ලයිකාමොබයිල් සමාගම මෙම අධිකරණ නියෝගයට එකඟ නොවන බවත් අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවත් පවසා තිබේ.
මාස හතරක නඩු විභාගයට පසු අධිකරණය තීන්දු කර ඇත්තේ, 2014 සහ 2016 අතර සමයේ යුරෝ මිලියන 17ක් සම්බන්ධ සංකීර්ණ හා විස්තීර්ණ මුදල් විශුද්ධිකරණ ක්‍රමයකට සමාගම් දැනුවත්ව සහභාගී වී ඇති බවය.
මෙම ක්‍රමයට පැරිසියේ ලා චැපල් දිස්ත්‍රික්කයේ ෂෙල් සමාගම් ගණනාවක්, ලයිකාමොබයිල් අලෙවිකරුවන් දෙදෙනකු සහ තවත් අලෙවි තැරැව්කරුවන් ඇතුළත් වූ බව විදෙස් වාර්තා පවසයි.
සේවකයන්ට නීති විරෝධී ලෙස වැටුප් ගෙවීමට මුදල් අවශ්‍ය ඉදිකිරීම් සමාගම්වල ප්‍රයෝජනය සඳහා මෙම ක්‍රමය ක්‍රියාත්මක වී ඇති බවද වාර්තා වේ.
නෛතික පාලන තන්ත්‍රයක් තුළ බදු අධිකාරීන් “රැවටීම” සම්බන්ධයෙන් අදාළ සමාගම් වැරදිකරුවන් වී ඇති අතර, වැට් බද්දෙන් නිදහස්වීම සඳහා උපායමාර්ගයක් ලෙස මෙම පියවර ගෙන ඇති බවටද චෝදනා එල්ලවී තිබේ.
ඒ අනුව ලයිකාමොබයිල් සර්විසස් (Lycamobile Services) සමාගමට යුරෝ මිලියන 03ක් සහ ලයිකාමොබයිල් ෆ්රාන්ස් (Lycamobile France) සමාගමට යුරෝ මිලියන 07ක් දඩ නියමකර ඇත.
එහි හිටපු ප්‍රධාන විධායක ටූලිහට වසර තුනක සිර දඬුවමක් සහ යුරෝ 250,000ක දඩයක් නියමකර ඇති අතර වසර පහක ව්‍යාපාර කළමනාකරණ තහනමක්ද පනවා තිබේ.
කණ්ඩායමේ තවත් සාමාජිකයකු වූ බ්‍රිතාන්‍ය අංශයේ නායක ඇන්ඩෘ ඉංග්ලන්ඩ් නිදහස ලබා ඇත.
ප්‍රංශයේ ලයිකාමොබයිල්හි සාමාන්‍යාධිකාරී Alain Jochimek හට වසර තුනක සිරදඬුවමක් නියම කරන ලද්දේ, මාස දහඅටක කාලයක් ඉලෙක්ට්‍රොනික බ්‍රේස්ලට් එකක් යටතේ රැඳී සිටිය යුතු බවටද නියම කරමිනි.
ඊට අමතරව යුරෝ 120,000ක දඩයක් සමඟ වසර පහක ව්‍යාපාර කළමනාකරණ තහනමක්ද ඔහුට පනවා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart