February 15, 2024

ජර්මනියේ දී හෙට (16) පැවැත්වෙන 60 වැනි මියුනික් ආරක්ෂක සමුළුවට විදේශ කටයුතු ඇමැති අලි සබ්රි සහභාගී වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

සම්මන්ත්‍රණයට සහභාගී වීමේ පරමාර්ථය වන්නේ අන්තර්ජාතික ආරක්ෂක ප්‍රජාව තුළ විශ්වාසය ගොඩනැගීමට සහ ගැටුම් සාමකාමීව විසඳීමට දායකවීමයි.

මියුනික් ආරක්ෂක සමුළුව යනු 1963 සිට ජර්මනියේ පවත්වනු ලබන අන්තර්ජාතික ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ වාර්ෂික සමුළුවකි.

එය මීට පෙර නම්කර තිබුණේ ආරක්ෂක ප්‍රතිපත්ති පිළිබඳ මියුනික් සමුළුව ලෙසිනි.

සමුළුවේ ආදර්ශ පාඨය වන්නේ “සංවාදය හරහා සාමය” යන්නයි.

එමගින් සෑම වසරකම වර්තමාන සහ අනාගත ආරක්ෂක අභියෝග පිළිබඳ දැඩි විවාදයක නියැලීම සඳහා ලොව පුරා රටවල් 70කට වැඩි ගණනක ජ්‍යෙෂ්ඨ පුද්ගලයන් 350ක් පමණ එක් කරයි.

රාජ්‍ය ප්‍රධානීන්, රජයන් සහ අන්තර්ජාතික සංවිධාන, ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සන්නද්ධ හමුදා, සිවිල් සමාජය, මෙන්ම ව්‍යාපාරික සහ මාධ්‍යවල ඉහළ පෙළේ නියෝජිතයන් ද ඊට ඇතුළත් වේ.

මේ අතර, ඇමැති අලි සබ්රි එළඹෙන සෙනසුරාදා (17) දිනයේ දී “Protecting Global Commons ” සම්මන්ත්‍රණ සැසිය ඇමතීමට ද නියමිතය.

මෙම සංචාරයේදී ඇමැති අලි සබ්රි රටවල් ගණනාවක සිය සගයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ව්‍යාපාරික නායකයන් හමුවීමට ද නියමිතව තිබේ.

42.31%
17.27%
32.76%