42.31%
17.27%
32.76%
October 3, 2024

හිටපු විදේශ කටයුතු ඇමැති අලි සබ්රි පසුගිය පාලන වෙනසෙන් පසු නැවතත් සිය නීති වෘත්තියට පැමිණ තිබේ.

අලි සබ්රි නීති වෘත්තියේ ඔහුගේ කණ්ඩායම සමඟ සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍යවල බෙදාගෙන තිබුණේ “මම අයිති තැනට ආපසු පැමිණීම ගැන සතුටක් දැනෙනවා” යන ප්‍රකාශය සමඟිනි.

මේ අතර හිටපු ඇමැතිවරයා තමන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් නොවන බව තහවුරු කර ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන සාමාජිකයකු වන අලි සබ්රි ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසියේය.

ඔහු ගෝඨාභය රාජපක්ෂගේ සහ රනිල් වික්‍රමසිංහගේ රජයන් යටතේ අධිකරණ හා විදේශ කටයුතු ඇමැතිවරයා ලෙස කටයුතු කළේය.

 

42.31%
17.27%
32.76%